2020-06-30 13:18:56
රොෂාන් මහානාම පදනම සහ පවුලේ සාමාජිකයන් වන රොෂාන් මහානාම සහ රොෂාන් විජේරාම විසින් ඉකුත් සඳුදා (22) දින කොළඹ යුද්ධ හමුදා රෝහල වෙත රුපියල් ලක්ෂ 8 ක පමණ වටිනාකමකින් යුත් ගෙල හා උගුර ආශ්‍රිතව ඇතිවන සංකූලතාවයන් පිළිබඳ පරික්ෂා කළහැකි ‘Laryngoscopy’ යන්ත්‍රයක් පරිත්‍යාග කරන ලදී.
2020-06-29 21:27:10
ගැමුණු හේවා බලකාය වෙත පිරිනමා ඇති ජනාධිපති වර්ණයන්ට ගෞරවයක් හා පිළිගැනීමක් එක් කරමින් රෙජිමේන්තු මුලස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරන ලද විශේෂ ‘වර්ණ මණ්ඩපයක්’ තුළ ඉකුත් සිකුරාදා (26) දින ගැමුණු හේවා බලකායේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සුරාජ් බන්සජායා ගේ ප්‍රධානත්වයෙන් පැවැති කෙටි උත්සවයකදී එම වර්ණ ධජ තැන්පත් කරන ලදී.
2020-06-29 20:13:24
යුද්ධ හමුදා නවෝත්පදනයන්ට නව සන්ධිස්ථානයක් එක්කරමින්, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා භටපිරිස් විසින් නිෂ්පාදනය කරන ලද යුනිකෝන්/යුනිබෆල් රථ 9 ක්, ආපදා රථයක් සහ මෙරටට ආනයනය කරන ලද වාහන අමතර කොටස් බහාලුම් 03 ක්...
2020-06-29 19:13:24
මුතියාන්කඩ්ඩු ප්‍රදේශයේ පිහිටි 643 වන බලසේනාවේ 7 වන බලසේනාධිපති වශයෙන් ඉකුත් සදුඳා (29) දින ශ්‍රී ලංකා පාබල හමුදාවේ කර්නල් ටිරාල් ද සිල්වා හමුදා සම්ප්‍රදායානුකූලව සහ ආගමික වතාවත් මධ්‍යයේ පැවති උත්සවයකදි සිය රාජකාරි කටයුතු භාරගනු ලැබීය.
2020-06-29 18:13:24
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක හා ඉදිරි නඩත්තු පෙදෙස උතුරු මැද ආඥාපති මේජර් ජෙනරාල් එල්.පි.ආර් ප්‍රේමලාල් ඉකුත් සෙනසුරාදා (27) දින මයිලඩි, කන්කසන්තුරෙයි ප්‍රදේශයේ පිහිටි 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා මූලස්ථානයේ සිය ප්‍රථම නිළ සංචාරය සිදුකරන ලදි.
2020-06-27 18:44:18
නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල (QCs) අඛණ්ඩව සිදුවන නිරෝධායන ක්‍රියාවලීන් පිළිබඳ සොයාබැලීමේ අරමුණින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති...
2020-06-27 18:32:18
ලුතිනන් සිට කපිතන් නිලය දක්වා සහ කපිතන් සිට මේජර් නිලය දක්වා උසස්වීම් විභාග සඳහා පෙනී සිටීමට සූදානම්ව සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ කාන්තා නිලධාරීණියන් 25 කට අධික පිරිසක් වෙනුවෙන් ‘කාලීන තොරතුරු’ පිළිබඳ දැනුවත් කිරීමේ අධ්‍යාපනික දේශනයක් පසුගියදා කොළඹ 8 පිහිටි එම රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්විණි.
2020-06-27 18:20:31
23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ධම්මික ජයසුන්දර ගේ සහ නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී කර්නල් සුභාත් සංජීව ගේ ඉල්ලීම පරිදි, විදේශගතව සිටින ශ්‍රී ලාංකීක පිරිසක් ඉකුත් අඟහරුවාදා (23) දින දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම්...
2020-06-27 18:10:31
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 68 වන සේනාංකයට අයත් 682 වන බලසේනාවේ භටපිරිස් එම බලප්‍රදේශයේ ආර්ථික අපහසුතා සහිත පුද්ගලයින්ගේ ආර්ථික මට්ටම වැඩිදියුණු කිරීමේ අරමුණින් ඉකුත් ඉරිදා (21) දින මාලිගතිව් ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ පවුල් 30 ක් අතර පොල් පැළ 90 ක් බෙදාදෙනු ලැබූහ. 682 වන බලසේනාවේ ඉල්ලීමකට අනුව, පුදුකුඩුඉරිප්පු...
2020-06-27 18:01:31
නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර ගේ උපදෙස් මත මඩකලපුව 306 සී 2 සිංහ සමාජයේ සාමාජිකයින්ගේ අනුග්‍රහකත්වය ඇතිව 23 වන සේනාංකය යටතේ ස්ථාපිත 233 වන බලසේනාවේ භටපිරිස් ඉකුත් අඟහරුවාදා (23) දින මදුරන්කර්නිකුලම් ගම්මානයේ අඩු ආදායම්ලාභි පවුල් සඳහා රුපියල් ලක්ෂ 3 ක පමණ මුල්‍ය වටිනාකමකින් යුත් වියළි ආහාර සලාක පාර්සල් 153 ක් බෙදා දුන්හ. යුද්ධ හමුදා සාමාජිකයින්ගේ මුලිකත්වයෙන් මෙම වියළි සලාක පාර්සල් තොගය කුන්ජන්කුලම් සංස්කෘතික මධ්‍යස්ථානයේ දී බෙදාදෙනු ලැබීණි.