27th June 2020 18:10:31 Hours
මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 68 වන සේනාංකයට අයත් 682 වන බලසේනාවේ භටපිරිස් එම බලප්‍රදේශයේ ආර්ථික අපහසුතා සහිත පුද්ගලයින්ගේ ආර්ථික මට්ටම වැඩිදියුණු කිරීමේ අරමුණින් ඉකුත් ඉරිදා (21) දින මාලිගතිව් ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ පවුල් 30 ක් අතර පොල් පැළ 90 ක් බෙදාදෙනු ලැබූහ.
682 වන බලසේනාවේ ඉල්ලීමකට අනුව, පුදුකුඩුඉරිප්පු පොල් සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන්ගේ සම්බන්ධීකරණය සහ සහයෝගය ඇතිව මෙම පොල් පැළ තොගය බෙදාදෙනු ලැබීය.
මීට අමතරව, එම ප්‍රජා ව්‍යාපෘතියේ තවත් එක් කොටසක් මන්ධූවිල් ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ ජලය නොමැතිව පීඩාවට පත් දිළිඳු පවුලක් සඳහා ළිඳක් සැකසීමට යුද්ධ හමුදා භටපිරිස් සහයෝගය දැක්වූහ. තවද, එම භටපිරිස් ප්‍රදේශයේ ප්‍රජාවන්ට වගාකිරීම සඳහා බොංචි සහ බණ්ඩක්කා වැනි එළවළු බීජ ද නොමිලේ බෙදාදෙනු ලැබිණි.
මෙම ප්‍රජා වැඩසටහන් මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දීප්ති ජයතිලක සහ 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජගත් රත්නායක ගේ උපදෙස් මත පැවැත්විණි.
ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලැබූ මෙම ව්‍යාපෘති සඳහා 682 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් චමින්ද ගලප්පත්ති, 4 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ අණදෙන නිලධාරී සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් එම ව්‍යාපෘතිවල මූලිකත්වය ගෙන කටයුතු කළහ. trace affiliate link | Upcoming 2021 Nike Dunk Release Dates - Iebem-morelos