27th June 2020 18:44:18 Hours
නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල (QCs) අඛණ්ඩව සිදුවන නිරෝධායන ක්‍රියාවලීන් පිළිබඳ සොයාබැලීමේ අරමුණින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති හා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද (25) දින පස්වරුවේ ගාල්ල ප්‍රදේශයේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථාන කිහිපයක ලෙස සංචාරය කළේය.
ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව, ගාල්ල ප්‍රදේශයේ පිහිටි ෆෙයාර්වේ ගාල්ල (Fairway Galle), තරුෂි රෙස්ටුරන්ට් (Tharushi Restaurant), සප්රෝන් උණවටුන (Saffron at Unawatuna), දොන් ෆෙරියල් නේචර් රිසෝට් (Don Ferial Nature Resort) ඇතුළු තවත් නිරෝධායන මධ්‍යස්ථාන කිහිපයක සංචාරය කරමින් එම ආයතනවල කළමනාකරණ නියෝජිතයින් සහ නාවික හමුදා කාර්ය මණ්ඩලය සමඟ සුහදව අදහස් හුවමාරු කරගනු ලැබීය. විශේෂයෙන්ම, යුද්ධ හමුදාධිපතිතුමන් නිරෝධායන කටයුතු පිළිබඳව සොයා බැලූ අතර නිරෝධායන කටයුතුවල යෙදී සිටින පුද්ගලයින් ලබාදෙනු ලබන සහයෝගය සහ ගතයුතු වෙනත් පියවරයන් පිළිබඳව විමසීමක් කළේය.
යුද්ධ හමුදාධිපතිතුමන් නික්ම යාමට ප්‍රථම ප්‍රදේශයේ නිරෝධායන කටයුතු භාර නිලධාරීන් කිහිපදෙනෙකු සමඟ ද සුහද පිළිසඳරක නියැලිණි. Running Sneakers Store | Nike Off-White