29th June 2020 18:13:24 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක හා ඉදිරි නඩත්තු පෙදෙස උතුරු මැද ආඥාපති මේජර් ජෙනරාල් එල්.පි.ආර් ප්‍රේමලාල් ඉකුත් සෙනසුරාදා (27) දින මයිලඩි, කන්කසන්තුරෙයි ප්‍රදේශයේ පිහිටි 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා මූලස්ථානයේ සිය ප්‍රථම නිළ සංචාරය සිදුකරන ලදි.
මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි කර්නල් සේනාවිධායකතුමන් 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් කේ.ඒ.කේ.එස් ප්‍රසන්න විසින් ඉතා උණූසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදි. ඉන් අනතුරුව මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සියළු නිළයින් අමතමින් ඔවුන්ගේ සේවයේ වැදගත්කම සහ කැපවීම පිළිබඳව කරුණු පැහැදිලි කළේය.
පසුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායකතුමන් මෙම සංචාරය සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළ අතර සියළු නිල තේ පැන් සංග්‍රහයකට ද එක්විය. සිය සංචාරය අවසන් වීමට ප්‍රථම කඳවුරු පරිශ්‍රයේ ඇති රැඳවුම් බැරැක්ක සහ නවාතැන් පහසුකම් සඳහා ඇති ප්‍රදේශයන්හි සංචාරයක ද නිරත විය. Authentic Sneakers | Saucony Lanzar JAV 2 - Unisex , Worldarchitecturefestival