Header

Sri Lanka Army

Defender of the Nation

27th June 2020 18:01:31 Hours

සිංහ සමාජයේ අනුග්‍රහය ඇතිව 233 වන බලසේනාව අඩු ආදායම්ලාභි පවුල් වෙත වියළි සලාක පාර්සල් බෙදාදෙති.

නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර ගේ උපදෙස් මත මඩකලපුව 306 සී 2 සිංහ සමාජයේ සාමාජිකයින්ගේ අනුග්‍රහකත්වය ඇතිව 23 වන සේනාංකය යටතේ ස්ථාපිත 233 වන බලසේනාවේ භටපිරිස් ඉකුත් අඟහරුවාදා (23) දින මදුරන්කර්නිකුලම් ගම්මානයේ අඩු ආදායම්ලාභි පවුල් සඳහා රුපියල් ලක්‍ෂ 3 ක පමණ මුල්‍ය වටිනාකමකින් යුත් වියළි ආහාර සලාක පාර්සල් 153 ක් බෙදා දුන්හ. යුද්ධ හමුදා සාමාජිකයින්ගේ මුලිකත්වයෙන් මෙම වියළි සලාක පාර්සල් තොගය කුන්ජන්කුලම් සංස්කෘතික මධ්‍යස්ථානයේ දී බෙදාදෙනු ලැබීණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර සමඟ 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ධම්මික ජයසුන්දර සහභාගී වූ අතර 233 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රජිත් ඇල්විටිගල ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසු නිලයින් රැසක් ද සහභාගී වූහ.

තවද, මෙම අවස්ථාව සඳහා මඩකළපුව 306 සී 2 සිංහ සමාජයේ සාමාජිකයින් ඇතුළු ප්‍රදේශවාසීන් රැසක් ද සහභාගී වූහ.

මෙම වැඩසටහන අවසානයේ දී ඊට සහභාගී වූ සියලුම දෙනාටම ප්‍රණීත ආහාරපාන සංග්‍රහයක් සිදුකිරිමටද යුද්ධ හමුදාව මගින් කටයුතු සංවිධානය කර තිබුණි. Nike Sneakers | Nike Shoes