29th June 2020 21:27:10 Hours
ගැමුණු හේවා බලකාය වෙත පිරිනමා ඇති ජනාධිපති වර්ණයන්ට ගෞරවයක් හා පිළිගැනීමක් එක් කරමින් රෙජිමේන්තු මුලස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරන ලද විශේෂ ‘වර්ණ මණ්ඩපයක්’ තුළ ඉකුත් සිකුරාදා (26) දින ගැමුණු හේවා බලකායේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සුරාජ් බන්සජායා ගේ ප්‍රධානත්වයෙන් පැවැති කෙටි උත්සවයකදී එම වර්ණ ධජ තැන්පත් කරන ලදී.
ගැමුණු හේවා බලකායේ වත්මන් රෙජිමේන්තු අධිපති සහ හිටපු රෙජිමේන්තු අධිපතිවරුන් වන මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර හා මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ඩබ්ලිව්.එච්.එම්. මනතුංග ගේ උපදෙස් මත අභිනවයෙන් ඉදිකරනු ලැබූ ‘වර්ණ මණ්ඩපයේ’ ඉදිකිරීම කටයුතු ලුතිනන් කර්නල් ඒ.ඩි. රුද්‍රිගෝ ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ සාර්ථකව නිම කරන ලදී.
ගැමුණු හේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඒ.ඒ.ඩි.එන්.එස්.පී. දුණුවිල ගේ ආරාධනයකට අනුව මෙම අවස්ථාවට සපැමිණි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක, යුද්ධ හමුදා පුහුණු අණසක ආඥාපති හා ගැමුණු හේවා බලකායේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සුරාජ් බන්සජයා ගේ සුරතින් වර්ණ මණ්ඩපය තුළ එම වර්ණ ධජ තැන්පත් කිරීමෙන් අනතුරුව අභිනවයෙන් ඉදිකළ වර්ණ මණ්ඩපය විවෘත කරනු ලැබීය. මෙම අවස්ථාවට හිටපු රෙජිමේන්තු අධිපතිවරුන් වන මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර හා මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ඩබ්ලිව්.එච්.එම්. මනතුංග ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගි වූහ.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හිටපු ජනාධිපති මෙන්ම එවකට සන්නද්ධ හමුදා සේනාධිනායක වූ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමන් විසින් වර්ෂ 1980 අගෝස්තු මස 15 වන දින ගාල්ල මහජන ක්‍රීඩාංගණයේදී 1 වන, 2 වන සහ 3 වන ගැමුණු හේවා බළඇණි වෙත ජනාධිපති වර්ණ හා රෙජිමේන්තු වර්ණ ප්‍රදානය කරන ලද්දේ එම රෙජිමේන්තුව විසින් ජාතිය වෙත සිදු කරන ලද අවංක වූත් විනයානූකූල වූත් ශ්‍රේෂ්ඨ සේවයට උපහාරයක් වශයෙනි.
1 වන, 2 වන සහ 3 වන ගැමුණු හේවා බළඇණි වෙත පිරිනැමු ජනාධිපති වර්ණ හා රෙජිමේන්තු වර්ණ වර්ෂ 2012 අගෝස්තු මස 15 වන දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් විසින් කුරුවිට ගැමුණු හේවා බලකා රෙජිමේන්තු සරඹ භූමියේදී පැවැති වර්ණවත් පෙළපාලියකදී නැවත වරක් ප්‍රදානය කරන ලදී. short url link | youth nike kd low tops orange , Nike Air Max , Iicf