30th June 2020 13:18:56 Hours
රොෂාන් මහානාම පදනම සහ පවුලේ සාමාජිකයන් වන රොෂාන් මහානාම සහ රොෂාන් විජේරාම විසින් ඉකුත් සඳුදා (22) දින කොළඹ යුද්ධ හමුදා රෝහල වෙත රුපියල් ලක්‍ෂ 8 ක පමණ වටිනාකමකින් යුත් ගෙල හා උගුර ආශ්‍රිතව ඇතිවන සංකූලතාවයන් පිළිබඳ පරික්‍ෂා කළහැකි ‘Laryngoscopy’ යන්ත්‍රයක් පරිත්‍යාග කරන ලදී.
‘Laryngoscopy’ යන්ත්‍රය මගින් උගුරේ කොටසක් වන ස්වරාලය පරීක්‍ෂා කිරීමට පහසුකම් සපයන අතර, එමගින් ශ්වාසනාලයෙහි මුල සහ ස්වරයන්ගේ පැහැදිලි දර්ශනයක් ලබා ගැනීමට ද හැකි වේ. තවද, COVID-19 බලපෑමට ලක් වූ රෝගීන් පහසුවෙන් හඳුනා ගැනීමට මෙය බෙහෙවින් උපකාරී වේ.
රොෂාන් මහනාම, රේණුකා සේනාදීර, රොෂාන් විජේරාම පදනමේ භාරකරුවන්, රොෂාන් මහානාම පදනමේ සාමාජිකයින්, පවුලේ සාමාජිකයන් සහ සමීප මිතුරන් එක්ව මෙම අත්‍යවශ්‍ය ස්කෑන් යන්ත්‍රය වෙනුවෙන් මූල්‍ය පිරිවැය දරා තිබුණි.
යුද්ධ හමුදා රෝහල් පරිශ්‍රයේදී යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ කර්නල් සේනාවිධායක බ්‍රිගේඩියර් පී.ඒ.සී. ප්‍රනාන්දු වෙත අදාළ පරිත්‍යාග සිදුකිරීමට එම පරිත්‍යගශීලින් කටයුතු කර තිබුණි.
වීඩියෝ ‘Laryngoscope’ යන්ත්‍රය මගින් නිර්දේශිත ක්‍රමවේදයන්ට අනුව COVID-19 රෝගීන් පරීක්‍ෂා කිරිමට හැකිවන අතර, එය යුද්ධ හමුදා රෝහල වෙත පරිත්‍යාග කරන ලද මෙවැනි ආකාරයේ ප්‍රථම උපකරණය වන අතර, එමගින් ජාත්‍යන්තර මාර්ගෝපදේශ අනුව කොළඹ යුද්ධ හමුදා රෝහල තුළින් ‘අනාලනය’ සහ ‘වාතාශ්‍රය’ අවශ්‍ය COVID-19 රෝගීන්ගේ රෝග ලක්‍ෂණ හදුනා ගනීමින් ආරක්‍ෂිතව ප්‍රතිකාර කිරීමට ඉවහල් වේ.
මෙම යන්ත්‍රයේ අවශ්‍යතාවය පිළිබඳව කොළඹ යුද්ධ හමුදා රෝහලේ උපදේශක නිර්වින්දන වෛද්‍ය ලුතිනන් කර්නල් චම්පික අබේසිංහ විසින් රොෂාන් මහානාම පදනම වෙත දැනුවත් කිරීමෙන් අනතුරුව, රොෂාන් මහනාම පදනමේ භාරකරුවන් වන රොෂාන් විජේරාම පවුලේ සාමාජිකයන් විසින් මුදල් රැස් කර COVID-19 වසංගතය මධ්‍යයේ කෙටි කාලයක් තුළ අදාළ උපකරණය මෙරටට ආනයනය කර තිබුණි.
මෙම අවස්ථාව සඳහා කළමනාකරණ හා නඩත්තු අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඩී.වී.පී කාරියවසම්, කොළඹ යුද්ධ හමුදා රෝහලේ අධ්‍යක්‍ෂ කර්නල් ඒ.එම්.සී. අත්තනායක, නිර්වින්දන වෛද්‍ය උපදේශක කර්නල් යූ.ඒ.එල්.ඩී පෙරේරා සහ නිර්වින්දන වෛද්‍ය උපදේශක ලුතිනන් කර්නල් සී. එස්. අබේසිංහ සහභාගී විය.
මෙම අවස්ථාවට රොෂාන් මහනාම, රේණුකා සේනාදීර, රොෂාන් විජේරාම පවුල් පදනමේ භාරකරුවන්, රංගන අබේසිංහ මහතා, මධුක රණසිංහ මහතා, ආචාර්ය සජිනි මහානාම මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වූහ. Sports News | Nike