Header

Sri Lanka Army

Defender of the Nation

29th June 2020 19:13:24 Hours

643 වන බලසේනාවේ නව බලසේනාධිපති රාජකාරි අරඹයි

මුතියාන්කඩ්ඩු ප්‍රදේශයේ පිහිටි 643 වන බලසේනාවේ 7 වන බලසේනාධිපති වශයෙන් ඉකුත් සදුඳා (29) දින ශ්‍රී ලංකා පාබල හමුදාවේ කර්නල් ටිරාල් ද සිල්වා හමුදා සම්ප්‍රදායානුකූලව සහ ආගමික වතාවත් මධ්‍යයේ පැවති උත්සවයකදි සිය රාජකාරි කටයුතු භාරගනු ලැබීය.

නව බලසේනාධිපතිතුමන් සිය කාර්යාලයට ඇතුළු වීමට ප්‍රථම යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ප්‍රධාන දොරටුව අභියසදි කඳවුරු සම්මාන මුරයක් ද එතුමන් වෙත පිරිනමන ලදී.

මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ නව බලසේනාධිපතිතුමන් විසින් සිය කාර්යාලයේදී සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කරනු ලැබීය.

මෙම අවස්ථාව සංකේතවත් කරමින් බලසේනාධිපතිතුමන් විසින් බලසේනා මුලස්ථාන පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරිමෙන් අනතුරුව පවත්වන ලද සියළු නිළ තේ පැන් සංග්‍රහයකට ද එක්විය. Mysneakers | Nike Air Max 270