Header

Sri Lanka Army

Defender of the Nation

27th June 2020 18:32:18 Hours

කාන්තා නිලධාරීන් සඳහා ‘කාලීන තොරතුරු’ පිළිබඳ දේශනයක් පවත්වයි

ලුතිනන් සිට කපිතන් නිලය දක්වා සහ කපිතන් සිට මේජර් නිලය දක්වා උසස්වීම් විභාග සඳහා පෙනී සිටීමට සූදානම්ව සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ කාන්තා නිලධාරීණියන් 25 කට අධික පිරිසක් වෙනුවෙන් ‘කාලීන තොරතුරු’ පිළිබඳ දැනුවත් කිරීමේ අධ්‍යාපනික දේශනයක් පසුගියදා කොළඹ 8 පිහිටි එම රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක සහ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් ප්‍රසන්න චන්ද්‍රසේකර ගේ උපදෙස් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ජානක රත්නායක විසින් මෙම වැඩසටහන පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් සපයන ලදී.

මෙම දේශනය පිළිවෙලින් මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් මංජුල කරුණාරත්න සහ හමුදා මාධ්‍ය ප්‍රකාශක හා ජනමාධ්‍ය අධ්‍යක්‍ෂක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ විසින් මෙහෙයවන ලදී.

මෙම දේශන තුළින් හමුදා වෘත්තියට විශේෂයෙන් අදාළත්වයක් ඇති විවිධාකාර වැදගත් මාතෘකා සහ අධ්‍යාපනික වශයෙන් වටිනාකම් සහිත වෙනත් විෂයයන් ආවරණය කරන ලදී. Nike Sneakers | Patike – Nike Air Jordan, Premium, Retro Klasici, Sneakers , Iicf