2021-08-08 10:30:20
මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලද යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ බ්‍රිගේඩියර්වරුන් 10 දෙනෙකු වෙත සිකුරාදා (06) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සුරතින් නිල ලාංඡන පැළඳවූවේය.
2021-08-08 10:09:20
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ 14 වන කර්නල් සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් පාලිත හේවාවසම් පසුගිය සඳුදා (02) දින පනාගොඩ පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී රාජකාරි භාරගත්තේය. මේ වනවිට බ්‍රිගේඩියර් පාලිත හේවාවසම් යුද්ධ හමුදා වැටුප් හා ලේඛණ අධ්යක්ෂ තනතුරේ රාජකාරීන් සිදුකරයි.
2021-08-06 07:14:36
පානදුර (මධ්‍යම) දිස්ත්‍රික් 306 - ඒ 1 සිංහ සමාජයේ සහයෝගය ඇතිව ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද පසුගිය ඉරිදා (01) දින එම මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරින් සහ සෙසුනිලයින් අතර පොල් පැළ 250 ක් සහ කොස් පැළ 250 ක් බෙදා දෙන ලදී.
2021-08-06 07:09:20
අද (08) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 2,815 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 19 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ. ඉතිරි පුද්ගලයින් 2,796 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින්...
2021-08-06 07:00:34
සිය දේශය වෙනුවෙන් ආදර්ශමත් සේවාවක් ඉටුකර විශ්‍රාම දිවියට පා තබන යුද්ධ හමුදා මූල්‍ය කළමණාකරණ අධ්යක්ෂ ජෙනරල් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් චන්දන කුමාර හඳුන්මුල්ල වෙත ගෞරවාචාර පිරිනැමීමේ උත්සවය පසුගිය සෙනසුරාදා (31) දින පනාගොඩ පිහිටි සිය රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.
2021-08-05 22:47:13
සමුද්‍රීය ආරක්ෂාවට අදාළ 5 වන නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශකයින්ගේ මාර්ගගත ක්‍රමවේද ඔස්සේ පැවති ‘කොළඹ ආරක්ෂක සැසිය’ ඉන්දියාව, මාලදිවයින සහ ශ්‍රී ලංකාව නියෝජනය කරන ඉහළ පෙලේ ආරක්ෂක නිලධාරින් Zoom තාක්ෂණය ඔස්සේ ඉකුත් බදාදා (4) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී පවත්වන ලදී.
2021-08-05 21:30:59
යුද්ධ හමුදා පුනුරුත්ථාපන අධ්යක්ෂ මණ්ඩලයේ 14 වන අධ්යක්ෂ ලෙස බ්‍රිගේඩියර් තුෂාන්ත සේනාරත්න පසුගිය බදාදා (04) දින වත්තල, හේකිත්ත ප්‍රදේශයේ පිහිටි සිය කාර්යාලයේදී රාජකාරි භාරගත්තේය. නව පුනුරුත්ථාපන අධ්යක්ෂ ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් සිය රාජකාරි කටයුතු භාරගැනීම සනිටුහන් කළේය. මෙම ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම බ්‍රිගේඩියර් තුෂාන්ත සේනාරත්න...
2021-08-05 21:13:59
සන්නද්ධ සේවාවන්හී සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් අද (03) දින ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේ සිය ප්‍රථම නිල සංචාරය සිදු කළේය. එහිදි ක්‍රියාන්විත අධ්යක්ෂ මණ්ඩලයේ නවතමයෙන් ස්ථාපිත කළ ඩිජිටල් ක්‍රියාන්විත මැදිරිය අතිගරු ජනාධිපතිතුමන්ගේ සුරතින් විවෘත කළේය.
2021-08-05 20:30:38
යුද්ධ හමුදා මූලස්ථානයේ මූල්‍ය කළමණාකරණ ශාඛාවේ 11 වන අධ්යක්ෂ ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් ජෙනරල් ශිරාන් අබේසේකර පසුගිය සඳුදා (02) දින පැවති කෙටි උත්සවයකදී රාජකාරි කටයුතු භාරගත්තේය.
2021-08-05 20:07:38
11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ ලබාදුන් උපදෙස් මත මහනුවර ශික්ෂණ රෝහලේ සහ මාතලේ මුලික රෝහලේ රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා රුධිර පරිත්‍යාග වැඩසටහනක් ඉකුත් අඟහරුවාදා (27) දින මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේදී පවත්වන ලදී.