05th August 2021 22:47:13 Hours
සමුද්‍රීය ආරක්‍ෂාවට අදාළ 5 වන නියෝජ්‍ය ජාතික ආරක්‍ෂක උපදේශකයින්ගේ මාර්ගගත ක්‍රමවේද ඔස්සේ පැවති ‘කොළඹ ආරක්‍ෂක සැසිය’ ඉන්දියාව, මාලදිවයින සහ ශ්‍රී ලංකාව නියෝජනය කරන ඉහළ පෙලේ ආරක්‍ෂක නිලධාරින් Zoom තාක්‍ෂණය ඔස්සේ ඉකුත් බදාදා (4) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී පවත්වන ලදී.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම සැසියට සහභාගිවු ආරක්‍ෂක මාණ්ඩලක ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරිම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරින් කලාපීය සමුද්‍රීය මෙහෙයුම්වල ආරක්‍ෂාව, නීතිවිරෝධි ජාවාරම් වැළැක්වීම, මුහුදු කොල්ලකෑම්, ආරක්‍ෂක අවශ්‍යතා තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා සමීප ත්‍රෛපාර්ශ්වික සහයෝගීතාව සහ සමුද්‍රයේ සිදුවන නීති විරෝධී කටයුතු අවම කිරීම යන කරුණු කෙරෙහි වැඩි වශයෙන් අවධානය යොමු කරමින් ත්‍රෛපාර්ශ්වික සමුද්‍ර ආරක්‍ෂක සහයෝගිතා සංසදයේදී සාකච්ඡා කළේය.
ඉන්දියානු සාගර කලාපයේ සමුද්‍ර ආරක්‍ෂාව ප්‍රවර්ධනය කිරිම සදහා ඉන්දියාව, මාලදිවයින සහ ශ්‍රි ලංකාව අතර ත්‍රෛපාර්ශ්වික සමුද්‍ර ආරක්‍ෂක සහයෝගිතා සංසදයක් 2011 වසරේදී එවකට ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරය හෙබවු අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් විසින් ආරම්භ කරන ලදී.
කලාපයේ ජාතීන් අතර ගතයුතු ආරක්‍ෂක පියවරයන්, විධිවිධාන, නවීන තාක්‍ෂණය භාවිතය, ත්‍රෛපාර්ශ්වික සහයෝගීතාවය වර්ධනය හා එවැනි ආරක්‍ෂක පියවරයන් ගැනිමේ ඵලදායිතාව සහ තිරසාරභාවය පිළිබඳව ද මෙම සැසියේදී සාකච්ඡාවට බදුන්විය.
අගෝස්තු මස 04 දිනය පුරා පැවති මෙම සැසියේදී කලාපයේ අභිවෘද්ධිය සහ සහයෝගීතාව තවදුරටත් ප්‍රවර්ධනය කිරිම සදහා ගතයුතු පියවරයන් පිළිබද ත්‍රෛපාර්ශ්වික අදහස් හා අත්දැකීම් හුවමාරු කරගනු ලැබීය.
මෙම සැසිවාරයට ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා, ශ්‍රී ලංකා නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි රියර් අද්මිරාල් වයි.එන්. ජයරත්න, ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානි එයාර් වයිස් මාර්ෂල් ඒ.පී. පයෝ, ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක බලකායේ අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් ජි.ඊ.ඩබ්ලිව්.එම්.ඒ.එන්. එකනායක, ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ ජෙනරල් පී.එස්. මහාවිතාරණ, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දක්‍ෂිණ ගුවන් ආඥාපති එයාර් වයිස් මාර්ෂල් ආර්.ඒ.යු.පී. රාජපක්‍ෂ, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරි මේජර් ජෙනරල් අශෝක පීරිස්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ කොමදෝරු ඒ.එස්. විතාරණ, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ශාන්ත රණවීර, මාර්ගගත සැසියේ ලේකම් කර්නල් පී.එස්. සුභාත් සංජිව, ආරක්‍ෂක අමාත්‍යාංශය නියෝජනය කරමින් මේජර් එන්.කේ.එච්. නැහින්න, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දකුණු ආසියා කලාපයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් චමරි රොද්‍රිගෝ මහත්මිය, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දකුණු ආසියා කලාපයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ මහේෂ් ප්‍රේමතිලක, අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවේ හා ශ්‍රී ලංකා පොලිසියේ මිනිස් වෙළඳාම්, මානව ජාවාරම් සහ සමුද්‍ර අපරාධ අධ්‍යක්‍ෂ ඩබ්ලිව්. එම්. සමරකෝන් බණ්ඩාර සහ ශ්‍රී ලංකා පොලිසියේ රාජ්‍ය බුද්ධි සේවයේ නියොජ්‍ය අධ්‍යක්‍ෂ පී.ඒ.බී.එන්. පල්ලේආරච්චි සහභාගි වුහ.