06th August 2021 07:14:36 Hours
පානදුර (මධ්‍යම) දිස්ත්‍රික් 306 - ඒ 1 සිංහ සමාජයේ සහයෝගය ඇතිව ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද පසුගිය ඉරිදා (01) දින එම මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරින් සහ සෙසුනිලයින් අතර පොල් පැළ 250 ක් සහ කොස් පැළ 250 ක් බෙදා දෙන ලදී.
මෙම ව්‍යාපෘතිය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන ‘තුරු මිතුරු - නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව ක්‍රියාත්මක කරනු ලබයි. මෙලෙස බෙදාදෙනු ලබන පැළ ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද යටතේ ස්ථාපිත ඒකකවල අණදෙන නිලධාරින්ගේ උපදෙස් පරිදි යුද්ධ හමුදා නිලධාරින් සහ සෙසුනිලයන් කඳවුරු තුළ සිටුවීමට ද අපේක්‍ෂා කරති.