05th August 2021 20:30:38 Hours
යුද්ධ හමුදා මූලස්ථානයේ මූල්‍ය කළමණාකරණ ශාඛාවේ 11 වන අධ්‍යක්‍ෂ ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් ජෙනරල් ශිරාන් අබේසේකර පසුගිය සඳුදා (02) දින පැවති කෙටි උත්සවයකදී රාජකාරි කටයුතු භාරගත්තේය.
එහිදී, මේජර් ජෙනරල් ශිරාන් අබේසේකර ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී. මීට ප්‍රථම එතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුනුරුත්ථාපන අධ්‍යක්‍ෂ ලෙස රාජකාරි කරනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා මූල්‍ය කළමණාකරණ ශාඛාවේ මාණ්ඩලික නිලධාරින් සහ සෙසු නිලයින් සහභාගී වූහ. මීට ප්‍රථම මෙම ධූරයේ රාජකාරි කටයුතු සිදුකළ මේජර් ජෙනරල් චන්දන කුමාර හඳුන්මුල්ල විශ්‍රාම යාමෙන් පසු හෙතෙම මෙම ධුරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.