Header

Sri Lanka Army

Defender of the Nation

08th August 2021 10:30:20 Hours

මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට යුද්ධ හමුදාධිපතිතුමන් නිල ලාංඡන පළඳවයි

මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලද යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ බ්‍රිගේඩියර්වරුන් 10 දෙනෙකු වෙත සිකුරාදා (06) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සුරතින් නිල ලාංඡන පැළඳවූවේය.

ඒ අනුව, ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුර ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් ජෙනරල් වන්දිත මාහින්කන්ද, ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - කිලිනොච්චි ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ මේජර් ජෙනරල් නිලාම් හේරත්, සැපයුම් හා ප්‍රවාහන අධ්‍යක්‍ෂ ජෙනරල් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ මේජර් ජෙනරල් හිරෝෂ වනිගසේකර, සූරියවැව කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල අධ්‍යක්‍ෂ ගැමුණු හේවා බලකායේ මේජර් ජෙනරල් ප්‍රසාත් එදිරිසිංහ, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ප්‍රධාන උපදේශක විජයබාහු පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ලක්සිරි පෙරේරා, ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්‍ෂ ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් ජෙනරල් සුජීව හෙට්ටිආරච්චි, සංඥා බලසේනාවේ බලසේනාධිපති ශ්‍රී ලංකා සංඥා බලකායේ මේජර් ජෙනරල් ලලිත් හේරත්, 64 වන සේනාංකයේ සේනාංකාධිපති විජයබාහු පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් උපුල් වීරකෝන්, අම්පාර යුද්ධ හමුදා සටන් පුහුණු පාසලේ සේනාවිධායක විජයබාහු පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් කල්ප සංජීව සහ 65 වන සේනාංකයේ සේනාංකාධිපති කමාන්ඩෝ රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් අනිල් සමරසිරී වෙත ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් නිල ලාංඡන පැළඳවූවේය.

උසස්වීම් ලද මේජර් ජෙනරල්වරුන් වෙත සිය සුභපැතුම් පිරිනමමින් යුද්ධ හමුදාධිපතිතුමන් ඔවුන් වෙත නිල ලාංඡන පැළඳවූවේය. මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතරින් වැඩි පිරිසක් නුදුරේදී නව තනතුරුවල රාජකාරි භාරගැනීමට නියමිතව සිටිති.

සන්නද්ධ සේවාවන්හී සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් විසින් ආරක්‍ෂක අමාත්‍යාංශයේත්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ නිර්දේශයන් මත මෙම ජ්‍යෙෂ්ඨ බ්‍රිගේඩියර්වරුන් 10 දෙනා මේජර් ජෙනරල් නිලයට උසස්කරනු ලැබූවේය.