Header

Sri Lanka Army

Defender of the Nation

08th August 2021 10:09:20 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ නව කර්නල් සේනාවිධායක රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ 14 වන කර්නල් සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් පාලිත හේවාවසම් පසුගිය සඳුදා (02) දින පනාගොඩ පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී රාජකාරි භාරගත්තේය. මේ වනවිට බ්‍රිගේඩියර් පාලිත හේවාවසම් යුද්ධ හමුදා වැටුප් හා ලේඛණ අධ්‍යක්‍ෂ තනතුරේ රාජකාරීන් සිදුකරයි.

එම රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි නව කර්නල් සේනාවිධායක එම රෙජිමේන්තුවේ නිලධාරින් විසින් පිළිගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනැමූහ. ඉන් අනතුරුව, බ්‍රිගේඩියර් පාලිත හේවාවසම් එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පිහිටි රණවිරු ස්මාරකයේදී රට වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන්ට පුෂ්පෝපහාර පුදකළේය.

ඉන් අනතුරුව, ආගමික වතාවත් මධ්‍යයේ හෙතෙම සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගත්තේය.

පසුව, බ්‍රිගේඩියර් පාලිත හේවාවසම් මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කරන ලදී.

මෙම උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් තේ පැන් සංග්‍රහයක් පැවැති අතර එම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, රෙජිමේන්තුවේ මාණ්ඩලික නිලධාරින්, අණදෙන නිලධාරින් සහ රෙජිමේන්තු කාර්ය මණ්ඩලය සහභාගී වූහ. මෙම උත්සවය දැඩි සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේද යටතේ පවත්වනු ලැබූහ.