Header

Sri Lanka Army

Defender of the Nation

06th August 2021 07:00:34 Hours

නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් චන්දන කුමාර හඳුන්මුල්ලට සිය රෙජිමේන්තුවේ ගෞරවාචාර

සිය දේශය වෙනුවෙන් ආදර්ශමත් සේවාවක් ඉටුකර විශ්‍රාම දිවියට පා තබන යුද්ධ හමුදා මූල්‍ය කළමණාකරණ අධ්‍යක්‍ෂ ජෙනරල් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් චන්දන කුමාර හඳුන්මුල්ල වෙත ගෞරවාචාර පිරිනැමීමේ උත්සවය පසුගිය සෙනසුරාදා (31) දින පනාගොඩ පිහිටි සිය රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.

එම රෙජිමේන්තු පරිශ්‍රය වෙත සපැමිණි විශ්‍රාම යාමට නියමිත මේජර් ජෙනරල් චන්දන කුමාර හඳුන්මුල්ල එම රෙජිමේන්තුවේ සියලු සාමාජිකයින් වෙනුවෙන් බ්‍රිගේඩියර් ඒ.එම්. අබේසිංහ විසින් පිළිගනු ලැබුවේය. ඉන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය ද නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත පිරිනැමීමෙන් අනතුරුව හෙතෙම රට වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී පුෂ්පෝපහාර පුදකළේය. ඉන් අනතුරුව, සරඹ භූමියේදී එතුමන්ට හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය හිමිවිය.

මෙම අවස්ථාවට රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ සාමාජිකයින්, එම රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසු නිලයින් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සහභාගී වූහ.