05th August 2021 20:07:38 Hours
11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ ලබාදුන් උපදෙස් මත මහනුවර ශික්‍ෂණ රෝහලේ සහ මාතලේ මුලික රෝහලේ රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා රුධිර පරිත්‍යාග වැඩසටහනක් ඉකුත් අඟහරුවාදා (27) දින මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේදී පවත්වන ලදී.
දිවංගත ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ 81 වන ජන්මදින සැමරුමට සමගාමීව මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද මෙම රුධිර පරිත්‍යාග වැඩසටහනේදී 11 වන සේනාංකය යටතේ ස්ථාපිත බලසේනා මුලස්ථාන, පුහුණු පාසල් සහ ඒකකවල සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසුනිලයින් ස්වේච්ඡාවෙන් සිය රුධිරය පරිත්‍යාග කළහ.