2021-08-11 19:16:47
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 වන සේනාංකයේ භටපිරිස් මුලතිව් දිසා රෝහලේ පවතින රුධිර හිඟය වෙනුවෙන් ලේ දන් දීමේ වැඩසටහනක් 68 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී දියත් කරනු ලැබූහ. පසුගිය බ්‍රහස්පතින්දා (09) දින පැවති මෙම වැඩසටහනේදී එම රෝහලේ ප්‍රතිකාර ලබන රුධිර අවශ්‍යතා සහිත රෝගීන් වෙනුවෙන් භටපිරිස් සිය රුධිරය පරිත්‍යාග කරන ලදී.
2021-08-11 18:45:11
අද (13) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 3,039 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 46 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ. ඉතිරි පුද්ගලයින් 2,993 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ.
2021-08-11 18:30:11
බස්නාහිර පළාතෙ වයස අවුරුදු 60 ට වැඩි මේ වනතෙක් කොවිඩ් - 19 රෝගය සඳහා වන එන්නත ලබා නොගත් පුරවැසියන් සඳහා විශේෂ එන්නත්කරණ වැඩසටහනක්...
2021-08-11 18:00:19
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන නිවාස නොමැති ප්‍රජාව වෙනුවෙන් නිවාස ලබාදීමේ ව්‍යාපෘතිය යටතේ ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 වන...
2021-08-11 17:50:16
අද (12) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 2,987 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 97 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ. ඉතිරි පුද්ගලයින් 2,890 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම...
2021-08-11 17:40:16
මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලද සංඥා බලසේනාවේ බලසේනාධිපති මේජර් ජෙනරල් ලලිත් හේරත් වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය අඟහරුවාදා (10) දින ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව පැවැත්විණි.
2021-08-11 17:30:16
නව යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ මේජර් ජෙනරල් හිරෝෂ වනිගසේකර ඉකුත් අගහරුවාදා (10) දින ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී රාජකාරී ආරම්භ කරනු ලැබීය.
2021-08-11 17:20:16
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 22 වන සේනාංකයට අයත් 222 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 22 වන විජයබාහු රෙජිමේන්තුවේ භටපිරිස් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී වැසියන්ගේ ජීවනෝපාය මාර්ගයන් නගාසිටුවීමේ අරමුණින් පසුගිය සෙනසුරාදා (07) දින එම ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් ගවයින් දෙදෙනෙකු පරිත්‍යාග කළහ.
2021-08-11 16:30:38
54 වන සේනාංකයේ බුද්ධ අංශ භටපිරිස් 7 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් සමඟ එක්ව පසුගිය සෙනසුරාදා (07) දින අළුයම මන්නාරම ප්‍රදේශයේදී නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද කහ කිලෝ ග්‍රෑම් 390 ක් සොයාගැනීමට සමත්විය.
2021-08-11 16:00:16
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 59 වන සේනාංකයට අයත් 592 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 23 වන ශ්‍රී ලංකා පාබල හමුදාව වෙත අවශ්‍යතා සහිත පවුල් දෙකක් පිළිබඳ තොරතුරු අනාවරණය වීමෙන් අනතුරුව එම ඒකකයේ භටපිරිස් ඔවුන්ගේ...