Header

Sri Lanka Army

Defender of the Nation

11th August 2021 18:30:11 Hours

බස්නාහිර පළාතෙහි වයස අවුරුදු 60 ට වැඩි පුරවැසියන් සඳහා සිදුකරන විශේෂ එන්නත්කරණ වැඩසටහන - කොවිඩ් - 19 නිවාරණය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය

බස්නාහිර පළාතෙ වයස අවුරුදු 60 ට වැඩි මේ වනතෙක් කොවිඩ් - 19 රෝගය සඳහා වන එන්නත ලබා නොගත් පුරවැසියන් සඳහා විශේෂ එන්නත්කරණ වැඩසටහනක් 2021 අගෝස්තු මස 11 වන දින සිට බලපැවැත්වෙන පරිදි ආරම්භ කරනු ලබනවා.

වයස අවුරුදු 60 ට වැඩි බස්නාහිර පළාතෙහි මේ වනතෙක් එන්නත් ලබානොගත් අයවළුන්ගේ තොරතුරු මේ වනවිට කොවිඩ් - 19 නිවාරණය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වෙතින් එක්රැස් කර ඇති අතර ඔවුන් සඳහා එන්නත්කරණ විස්තර (එන්නත්කරණ දිනය, එන්නත්කරණ මධ්‍යස්ථානය සහ එන්නත් ලබාගැනීම සඳහා පැමිණිය යුතු වේලාව) සඳහන් කරමින් ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වෙතින් ජංගම දුරකථන කෙටි පණිවිඩයක් මඟින් (SMS) දැනුවත් කරනු ලබනවා.

මෙම එන්නත්කරණ වැඩසටහන පහත එන්නත්කරණ මධ්‍යස්ථානයන්හිදී දන්වා ඇති දිනයන් තුළ පවත්වනු ලැබේ.

කොළඹ දිස්ත්‍රික්කය : යුද්ධ හමුදා රෝහල නාරාහෙන්පිට - අගෝස්තු මස 11,12 සහ 13 දිනයන්හි

ගම්පහ දිස්ත්‍රික්කය : දිස්ත්‍රික් මහ රෝහල ගම්පහ - අගෝස්තු මස 12, 13 සහ 14 දිනයන්හි

කළුතර දිස්ත්‍රික්කය : දිස්ත්‍රික් මහ රෝහල කළුතර - අගෝස්තු මස 12 වන දින

බස්නාහිර පළාත තුළ වයස අවුරුදු 60 ට වැඩි එන්නත් ලබානොගත් අයෙකු මේ වනතෙක් තමන්ගේ තොරතුරු ලබා දී නොමැතිනම් හෝ එන්නත්කරණ වැඩසටහන් පිළිබඳ වැඩිදුර විස්තර අවශ්‍ය වන්නේනම් 1906 යන දුරකථන අංකය තුලින් කොවිඩ් - 19 නිවාරණය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ඇමතිය හැකියි.