Header

Sri Lanka Army

Defender of the Nation

11th August 2021 19:16:47 Hours

මුලතිව් දිස්ත්‍රික් රෝහලේ රුධිර අවශ්‍යතාවය සපුරාලීමට යුද්ධ හමුදා සාමාජිකයින් 100කට වැඩි පිරිසකගේ දායකත්වය

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 වන සේනාංකයේ භටපිරිස් මුලතිව් දිසා රෝහලේ පවතින රුධිර හිඟය වෙනුවෙන් ලේ දන් දීමේ වැඩසටහනක් 68 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී දියත් කරනු ලැබූහ. පසුගිය බ්‍රහස්පතින්දා (09) දින පැවති මෙම වැඩසටහනේදී එම රෝහලේ ප්‍රතිකාර ලබන රුධිර අවශ්‍යතා සහිත රෝගීන් වෙනුවෙන් භටපිරිස් සිය රුධිරය පරිත්‍යාග කරන ලදී.

කොවිඩ් - 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මුලතිව් දිස්ත්‍රික් රෝහලේ පවතින රුධිර සංචිත සීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින බැවින් එම රුධිර සංචිත අවශ්‍යතාවය සපුරාලමින් යුද්ධ හමුදා නිලධාරින් සහ සෙසු නිලයින් 107 දෙනෙකු සිය රුධිරය රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා පරිත්‍යාග කරන ලදී. මෙම වැඩසටහන සඳහා අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ සහ මුලතිව් දිසා රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සහයෝගය ද හිමිවූහ. ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සිසිර පිලපිටියගේ උපදෙස් මත මෙම වැඩසටහන දියත් කළේය. ඒ අනුව, 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කීර්ති බණ්ඩාර විසින් ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන සඳහා බලසේනාධිපතිවරුන් සහ අණදෙන නිලධාරින්ගේ සහයෝගය ද හිමිවූහ.

මුලතිව් සහ අනුරාධපුර දිස්ත්‍රික් රෝහල්වල රුධීර සංචිත අවශ්‍යතාව සපුරාලීමට යුද්ධ හමුදා සාමාජිකයින් කඩිනමින් ක්‍රියාත්මක වීම පිළිබඳව වෛද්‍යවරුන්, හෙදියන් සහ අතුරු වෛද්‍ය නිලධාරින් ඇතුලු වෛද්‍ය කාර්ය මණ්ඩලය යුද්ධ හමුදා කාර්යභාරය පැසසුමට ලක් කළේය.