Header

Sri Lanka Army

Defender of the Nation

11th August 2021 17:40:16 Hours

මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත ශ්‍රී ලංකා සංඥා බලකායේ ගෞරවාචාරය

මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලද සංඥා බලසේනාවේ බලසේනාධිපති මේජර් ජෙනරල් ලලිත් හේරත් වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය අඟහරුවාදා (10) දින ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව පැවැත්විණි.

උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් ලලිත් හේරත් එම රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අශෝක ගුණසේකර විසින් පිළිගනු ලැබීය. ඉන් අනතුරුව, සංඥා බලකායේ භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ. පසුව, ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තුවේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී හෙතෙම මව්බිම වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන්ට පුෂ්පෝපහාර පුදකිරීමෙන් අනතුරුව මේජර් ජෙනරල් ලලිත් හේරත් වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකරන ලදී.

ඉන් අනතුරුව, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි‍රෙජිමේන්තු මූලස්ථානය වෙත පැමිණිම සහ එතුමන්ගේ උසස්වීම් ලැබීම සනිටහුන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළේය.

පසුව, සංඥා බලකායේ නිලධාරින් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටි මේජර් ජෙනරල් ලලිත් හේරත් තේ පැන් සංග්‍රහයක් සඳහා එක්වූවේය.