Header

Sri Lanka Army

Defender of the Nation

11th August 2021 17:30:16 Hours

නව යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් ලෙස මේජර් ජෙනරල් හිරෝෂ වනිගසේකර යුද්ධ හමුදා මූලස්ථානයේදී රාජකාරි අරඹයි

නව යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ මේජර් ජෙනරල් හිරෝෂ වනිගසේකර ඉකුත් අගහරුවාදා (10) දින ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී රාජකාරී ආරම්භ කරනු ලැබීය.

මීට ප්‍රථම, යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් ලෙස කටයුතු කළ මේජර් ජෙනරල් චන්දන මාරසිංහ යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව මේජර් ජෙනරල් හිරෝෂ වනිගසේකර එම ධූරයට පත්විය.

නව යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරී භාරගත්හ. එම අවස්ථාව සඳහා පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලාධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.

නව ධූරයේ රාජකාරී භාරගැනීමට ප්‍රථම මේජර් ජෙනරල් හිරෝෂ වනිගසේකර යුද්ධ හමුදා සැපයුම් හා ප්‍රවාහන අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කළේය.