Header

Sri Lanka Army

Defender of the Nation

11th August 2021 18:45:11 Hours

කොවිඩ්-19 වෛරසය ආසාදිත මරණ 156 ක් වාර්තාවේ

අද (13) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 3,039 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 46 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ. ඉතිරි පුද්ගලයින් 2,993 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 591 ක් බැගින් වේ. ඊට අමතරව, කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 455 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 437 ක් වාර්තා වේ. අනෙක් ආසාදිතයින් 1,510 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

අද (13) දින උදෑසන වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 345,117 ක් ලෙස වාර්තා වේ. ඒ අතරින් අළුත් අවුරුදු සමයෙන් පසු වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 233,729 ක් වේ.

අද (13) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 2,049 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

අද (13) දිනයේදී ත්‍රිවිධ හමුදාව සහ හෝටල් තුළ පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 62 ක් තුළ පුද්ගලයින් 4,686 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි. එසේම, අද (13) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) නිරෝධායන මධ්‍යස්ථාන 32 ක් තුළින් පුද්ගලයින් 1,246 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් ඇත.

අගෝස්තු මස (11) වන දින ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදිත කාන්තා මරණ 69 ක් සහ පිරිමි මරණ 87 ක් ඇතුලුව මරණ 156 ක් වාර්තා වී ඇත.