Header

Sri Lanka Army

Defender of the Nation

11th August 2021 17:20:16 Hours

අඩු ආදයම්ලාභි පවුලක ජීවනෝපාය නගාසිටුවීමට කිරීමට 22 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහයෝගය

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 22 වන සේනාංකයට අයත් 222 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 22 වන විජයබාහු රෙජිමේන්තුවේ භටපිරිස් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී වැසියන්ගේ ජීවනෝපාය මාර්ගයන් නගාසිටුවීමේ අරමුණින් පසුගිය සෙනසුරාදා (07) දින එම ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් ගවයින් දෙදෙනෙකු පරිත්‍යාග කළහ.

මෙම වැඩසටහන 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සනත් අළුවිහාරෙගේ උපදෙස් හා 222 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එම්.ජී. විමලසේනගේ අධික්‍ෂණය යටතේ ක්‍රියාත්මක කරන ලදි.

22 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ නිලධාරියෙකු සහ සෙසු නිලයින් කිහිපදෙනෙකු ප්‍රතිලාභියා වන සේරුනුවර ප්‍රදේශයේ පදිංචි ජී.එම්.එස්. ඒකනායක මහතාගේ නිවස වෙත ගොස් එම ගවයින් දෙදෙනා භාරදුන්හ.