11th August 2021 16:00:16 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 59 වන සේනාංකයට අයත් 592 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 23 වන ශ්‍රී ලංකා පාබල හමුදාව වෙත අවශ්‍යතා සහිත පවුල් දෙකක් පිළිබඳ තොරතුරු අනාවරණය වීමෙන් අනතුරුව එම ඒකකයේ භටපිරිස් ඔවුන්ගේ සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීමට කටයුතු කරන ලදී.
ඒ අනුව, ශාරීරික ආබාධයකින් පෙළෙන ප්‍රදීපන් සින්දුරාජා මහත්මිය වෙත රෝද පුටුවක් සහ බරපතල අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔත්පලව එක්තැන්ව සිටින දරුවෙකු වෙත වායු මෙට්ටයක් පරිත්‍යාග කිරීමට යුද්ධ හමුදා භටපිරිස් කටයුතු කළහ.
23 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් පී.පී.එස්. වීරසූරිය සමඟ එම ඒකකයේ නිලධාරින් සහ සෙසු නිලයන් එම වෛද්‍ය උපකරණ පරිත්‍යාගය සඳහා වන පිරිවැය දරණ ලදී. එම නිලධාරින් සහ සෙසු නිලයින් විසින් ප්‍රතිලාභින්ගේ නිවෙස් වෙත ගොස් වෛද්‍ය උපකරණ ප්‍රතිලාභින් වෙත ලබාදීමට කටයුතු කරන ලදී.
59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජී.ඩී. සූරියබණ්ඩාර සහ 592 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් චමින්ද ආරච්චිගේ මෙම ගිලන් වූවන් සඳහා වූ සත්කාරක වැඩසටහනට අවශ්‍ය උපදෙස් ලබාදුන්හ.