2024-12-03 17:08:35
14 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් එච්.පී. පෙරේරා ගේ අධීක්ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් විසින් හුලංනුගේ ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී නිවාස අවශ්‍යතා සහිත පවුලක් සඳහා නව නිවසක් පසුගියදා ඉදිකර දෙන ලදී.
2024-12-03 14:36:34
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී 2024 දෙසැම්බර් මස 2 දින 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ නිල සංචාරයක නිරත විය.
2024-12-03 12:10:52
බත්තරමුල්ල, Water’s Edge හිදී 2024 නොවැම්බර් මස 22 දින පැවති IESL Techno සම්මාන රාත්රියේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ගෞරවනීය සම්මාන තුනක් දිනා ගැනීමට හැකි විය. ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය විසින් 2024 ඔක්තෝබර් මස 11 දින සිට 13 දින දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී මෙම තාක්ෂණ ප්‍රදර්ශනය සංවිධානය කරන ලද අතර, එම ප්‍රදර්ශනය සඳහා තාක්ෂණික නවෝත්පාදනයන් සඳහා යුද්ධ හමුදාවේ සැලකිය යුතු දායකත්වයක් ලබාදී ඇත.
2024-12-03 12:10:43
ධූරයෙන් නික්ම යන මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2024 නොවැම්බර් මස 30 දින 23 පාබල සේනාංක මූලස්ථානයේදී පැවැත්විණි.
2024-12-03 08:14:53
යුද්ධ හමුදා මූලස්ථානයේ පාබල හමුදා අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ ජෙනරාල් ලෙස ගැමුණු හේවා බලකායේ මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.ජේ.කේ. විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී 2024 දෙසැම්බර් මස 02 දින රාජකාරි භාරගන්නා ලදී.
2024-12-03 02:29:41
ධූරයෙන් නික්ම යන 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.පී.එන්.ඒ. මුතුමාල යූඑස්පී පීඑස්සී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2024 නොවැම්බර් මස 30 දින එම සේනාංක මූලස්ථානයේදී පැවැත්විණි.
2024-12-03 02:24:46
23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී. කාරියවසම් ගේ මඟපෙන්වීම සහ 233 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් එස්.එල්. විජේසිංහ යූඑස්පී අයිජී ගේ අධීක්ෂණය මත එම බලසේනාවේ භටපිරිස් ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ මඩකලපුව ශාඛාව සමඟ ඒකාබද්ධව 2024 නොවැම්බර් මස 30 දින පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. මෙම වැඩසටහන යටතේ වාකරේ, කලිරිප්පු ප්‍රදේශයේ වෙසෙන පවුල් 46 ක් වෙනුවෙන් මදුරු විකර්ෂක දියර සහ කූඩාරම් ඉදිකිරීම සඳහා රෙදි පරිත්‍යාග කරනු ලැබීය.
2024-12-03 02:12:53
ගැමුණු හේවා බලකායේ 25 වන බලකාධිපති ලෙස 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.ජේ.කේ. විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී 2024 නොවැම්බර් මස 18 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී රාජකාරි භාරගන්නා ලදී.
2024-12-02 14:50:17
ආරක්ෂක සේනා ආඥාපති -වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී 2024 නොවැම්බර් මස 30 දින 9 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ සහ 5 (ස්වෙච්ඡා) බලඇණිය ගජබා රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරත විය. මෙම සංචාරයේදී එම ඒකකයන්හි මෙහෙයුම් සූදානම සහ පරිපාලන කටයුතු සොයා බැලීම කෙරෙහි අවධානය යොමු කරනු ලැබීය.
2024-12-02 14:45:41
උසස්වීම් ලද යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල් පුහුණු මේජර් ජෙනරල් කේ.ඩී.එම්.එල් සමරදිවාකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2024 නොවැම්බර් මස 30 දින බෝයගනය, විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.