03rd December 2024 02:12:53 Hours
ගැමුණු හේවා බලකායේ 25 වන බලකාධිපති ලෙස 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.ජේ.කේ. විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී 2024 නොවැම්බර් මස 18 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී රාජකාරි භාරගන්නා ලදී.
ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.ජේ.කේ. විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී මහා සංඝරත්නයේ ‘සෙත් පිරිත්’ සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මකව නිල ලේඛනයට අත්සන් තැබීය.
2024 නොවැම්බර් මස 23 දින රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි බලකාධිපතිතුමන් වෙත ප්‍රධාන දොරටුව අභියසදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව රෙජිමේන්තු සරඹ භූමියේදී හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය ද පුදකළහ. ඉන් අනතුරුව, මානුෂීය මෙහෙයුමේදී දිවිපිදූ වීරෝදාර රණවිරුවන් වෙත ගෞරවාචාර පුදකළ එතුමන් සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගි වෙමින් සියලු නිලයන් ආමන්ත්‍රණය කළේය. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් පැවති දිවා භෝජන සංග්‍රහයක ද නව බලකාධිපතිතුමන් සහභාගී විය.
මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.