Header

Sri Lanka Army

Defender of the Nation

03rd December 2024 17:08:35 Hours

14 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මූලිකත්වයෙන් නව නිවසක් ඉදිකරයි

14 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් එච්.පී. පෙරේරා ගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් විසින් හුලංනුගේ ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී නිවාස අවශ්‍යතා සහිත පවුලක් සඳහා නව නිවසක් පසුගියදා ඉදිකර දෙන ලදී.

නව නිවස ප්‍රථිලාභීන් වෙත ලබාදීමේ අවස්ථාවට 2024 නොවැම්බර් මස 26 දින ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ 242 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.පී.එල්. අමුණුපුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී විසින් නිවාස ලාභියා වෙත නිවසේ යතුර ලබා දෙන ලදී.

මෙම නිවස නිවාස සංවර්ධන අධිකාරියේ මුල්‍යමය අනුග්‍රාහකත්වය මත ඉදිකර දෙන ලදී.

මෙම උත්සවයට සමගාමීව, ආරුගම්බේ, ‘Bay Vista’ හෝටලයේ මුල්‍යමය අනුග්‍රාහකත්වය මත ලාහුගල සහ හුලංනුගේ ප්‍රදේශයන්හි පදිංචි ගැබිණි මව්වරුන් සඳහා අතාවශ්‍ය ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් ද සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.