Header

Sri Lanka Army

Defender of the Nation

02nd December 2024 14:50:17 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි, තම බලප්‍රදේශයේ නිල සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති -වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී 2024 නොවැම්බර් මස 30 දින 9 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ සහ 5 (ස්වෙච්ඡා) බලඇණිය ගජබා රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරත විය. මෙම සංචාරයේදී එම ඒකකයන්හි මෙහෙයුම් සූදානම සහ පරිපාලන කටයුතු සොයා බැලීම කෙරෙහි අවධානය යොමු කරනු ලැබීය.

කඳවුරු පරිශ්‍රයන් වෙත සපැමිණි එතුමන් වෙත, භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල මුරය පසුකරගෙන යාමේ ගෞරවාචාරයන් පිරිනැමීමෙන් පසුව එම ඒකකයන්හි අණදෙන නිලධාරීන් විසින් උණුසුම් ලෙස පිළිගන්නා ලදී. අනතුරුව, එම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි වෙත එම ඒකකයන්හි වගකීම් සහ කාර්යභාරයන්, පිළිබඳව දැනුවත් කරන ලදී. පසුව එතුමන් නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් ඇමතීය.

සංචාරයන් අවසානයේදී එතුමන් විසින් අමුත්තන්ගේ සමරු සටහන් පොත්හි සටහන් ද තැබීය. මෙම නිල සංචාරයන් සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගි වූහ.