Header

Sri Lanka Army

Defender of the Nation

03rd December 2024 02:24:46 Hours

233 පාබල බලසේනාව වාකරෙයි ප්‍රදේශයේ පරිත්‍යාග වැඩසටහනක් පවත්වයි

23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී. කාරියවසම් ගේ මඟපෙන්වීම සහ 233 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් එස්.එල්. විජේසිංහ යූඑස්පී අයිජී ගේ අධීක්‍ෂණය මත එම බලසේනාවේ භටපිරිස් ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ මඩකලපුව ශාඛාව සමඟ ඒකාබද්ධව 2024 නොවැම්බර් මස 30 දින පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. මෙම වැඩසටහන යටතේ වාකරේ, කලිරිප්පු ප්‍රදේශයේ වෙසෙන පවුල් 46 ක් වෙනුවෙන් මදුරු විකර්ෂක දියර සහ කූඩාරම් ඉදිකිරීම සඳහා රෙදි පරිත්‍යාග කරනු ලැබීය.