Header

Sri Lanka Army

Defender of the Nation

03rd December 2024 12:10:43 Hours

ධූරයෙන් නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර වෙත 23 පාබල සේනාංකයේ ගෞරවාචාරය

ධූරයෙන් නික්ම යන මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2024 නොවැම්බර් මස 30 දින 23 පාබල සේනාංක මූලස්ථානයේදී පැවැත්විණි.

උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් සේනාංක මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ. ඉන් අනතුරුව, එතුමන්ගේ සුරතින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව සමූහ ඡායාරූපයකට ද පෙනීසිටියේය.

ඉන් අනතුරුව, පැවති සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගී වූ එතුමන් එම සේනාංකය යටතේ සේවයේ නියුතු භටපිරිස් ආමන්ත්‍රණය කරමින් සිය සේවා කාලය තුළ ලබාදුන් සහයෝගය වෙනුවෙන් සිය කෘතඥතාවය පුදකළේය. පසුව, එතුමන් වෙත ඇගයීම් සංකේතයක් වශයෙන් සමරු තිළිණ කිහිපයක් ප්‍රදානය කරනු ලැබීය. අනතුරුව, පැවති දිවා භෝජන සංග්‍රහයකට ද එතුමන් සහභාගී වූ අතර උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.