02nd December 2024 14:45:41 Hours
උසස්වීම් ලද යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු මේජර් ජෙනරල් කේ.ඩී.එම්.එල් සමරදිවාකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2024 නොවැම්බර් මස 30 දින බෝයගනය, විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි එතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව, විජයබාහු පාබල රෙජිමේන්තු රණවිරු ස්මාරකය සහ පරම වීර විභූෂණ ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වමින් රට වෙනුවෙන් දිවිපිදූ එම රෙජිමේන්තුවේ වීරෝධාර රණවිරුවන්ට ගෞරවාචාර දැක්වීය. ඉන් පසුව, භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය ද පුදකළහ.
උත්සවය අතරතුරදී, එතුමන් සෙසුනිල භෝජනාගාරයේ පැවති සියළු නිල තේපැන් සංග්‍රහයක් සඳහාද එතුමන් සහභාගී විය. එහිදී එම රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපතිතුමන් විසින් උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී. අනතුරුව, එතුමන් භටපිරිස් අමතමින් මෙම උත්සවය සංවිධානය කිරීම වෙනුවෙන් සියළුම නිලයන් වෙත සිය කෘතවේදීත්වය පළ කළේය.
මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.