Header

Sri Lanka Army

Defender of the Nation

03rd December 2024 14:36:34 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ නිල සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී 2024 දෙසැම්බර් මස 2 දින 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ නිල සංචාරයක නිරත විය.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල මුරය පසුකරගෙන යාමේ ගෞරවාචාරය පිරිනැමීමෙන් පසුව එම ඒකකයේ අණදෙන නිළධාරිතුමිය විසින් එතුමන්ව උණුසුම් ලෙස පිළිගන්නා ලදී. අනතුරුව ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කරන ලද අතර, පසුව අණදෙන නිළධාරිතුමිය විසින් ඒකකයේ මෙහෙයුම් කටයුතු සහ වගකීම් පිළිබඳව එතුමන් දැනුවත් කරනු ලැබීය.

ඉන් අනතුරුව, එතුමන් සියලු කාන්තා භටපිරිස් ආමන්ත්‍රණය කරමින් සමාජයේ වෙනස්කම් වලට අනුගත වෙමින් ස්වයං විනය පවත්වාගෙන යාම සහ වෘත්තීයභාවයේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළේය.

නිල සංචාරය අතරතුර එතුමන් ඒකක පරිශ්‍රයේ නිරීක්‍ෂණ චාරිකාවද නිරත වූ අතර, සංචාරය අවසන් කරමින් අමුත්තන් සඳහා වූ සටහන් පොතෙහි සමරු සටහනක් ද තිබීය. මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගි වූහ.