Header

Sri Lanka Army

Defender of the Nation

03rd December 2024 12:10:52 Hours

IESL Techno සම්මාන උළෙලේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ගෞරවනීය සම්මාන තුනක් හිමිවෙයි

බත්තරමුල්ල, Water’s Edge හිදී 2024 නොවැම්බර් මස 22 දින පැවති IESL Techno සම්මාන රාත්‍රියේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ගෞරවනීය සම්මාන තුනක් දිනා ගැනීමට හැකි විය. ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය විසින් 2024 ඔක්තෝබර් මස 11 දින සිට 13 දින දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම තාක්‍ෂණ ප්‍රදර්ශනය සංවිධානය කරන ලද අතර, එම ප්‍රදර්ශනය සඳහා තාක්‍ෂණික නවෝත්පාදනයන් සඳහා යුද්ධ හමුදාවේ සැලකිය යුතු දායකත්වයක් ලබාදී ඇත.

මෙම ප්‍රදර්ශණය මගින් වෘත්තිකයන්ට, ඉංජිනේරුවන්ට සහ සිසුන්ට තාක්‍ෂණික ගැටලු සඳහා විසඳුම් ලබාගැනීමට මහඟු අවස්ථාවක් හිමිවිය. එහි පැවති විවිධ ප්‍රදර්ශන අතර, පර්යේෂණ, සංකල්ප සහ මූලධර්ම අධ්‍යක්‍ෂ මණ්ඩලය එහි අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ටී.එන්. මජීඩ් ආර්එස්පී යූඑස්පී එන්ඩීසී එල්එස්සී ගේ මගපෙන්වීම සහ සම්බන්ධීකරණය යටතේ ඉදිරිපත්කරන ලද යුද්ධ හමුදාවේ ප්‍රදර්ශන කුටිය වැඩි දෙනෙකුගේ අවධානයක් දිනා ගත් අතර, ආරක්‍ෂක සහ සිවිල් තාක්‍ෂණය පිළිබඳ හැකියාවන් එමගින් ඉස්මතු කළේය.

සම්මානලාභී නවෝත්පාදනයන් පහත පරිදි වෙයි.

1. මේජර් එස්.ආර්.ආර් පීරිස්, මේජර් එච්.ටී. ගමගේ, මේජර් ඩබ්ලිව්.වී.එන්. විමලදේව, කෝප්‍රල් කේ.ඩී.පී මධුසංඛ සහ කෝප්‍රල් ආර්.අයි අසංක කණ්ඩායම විසින් වැඩි දියුණු කරන ලද සුළු අවි පුහුණු නිදර්ශක (Small Arm Simulator)

2. මේජර් ටී.එච්.ජේ.සී සෝමතිලක විසින් නිර්මාණය කරන ලද ස්වයංක්‍රීය ස්කන්ධ දර්ශක අනුපාත සහ පරිවෘත්තීය අනුපාත විශ්ලේෂකය (Automatic BMI Hip-to-Ratio and Metabolic Ratio Analyzer)

3. මේජර් එච්.බී කොළඹගේ සහ කෝප්‍රල් ඒ.බී.එම්.ඩබ්ලිව් ප්‍රියංග විසින් නිර්මාණය කරන ලද මෝටර් රථ පෙරහන් පිරිසිදු කිරීමේ යන්ත්‍රය (Automobile Filter Cleaning Machine)