2023-09-19 17:32:33
කොටහේන, ශ්‍රී පරමානන්ද පුරාණ විහාරස්ථානයේ වාර්ෂික ඇසළ මහා පෙරහැර පසුගිය සිකුරාදා (සැප්තැම්බර් මස 15) දින පැවැත්වූ අතර, එම විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත කරනු ලැබූ ඉල්ලීමකට අනුව පෙරහැර පැවැත්වීමට ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර විසින් දායකත්වය ලබා දෙන ලදී.
2023-09-18 20:04:08
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 පාබල සේනාංකයට අයත් 681 පාබල බලසේනාවේ භටපිරිස්හි සම්බන්ධීකරණයෙන් මුලතිව්, ශ්‍රී භාරතී මහා විද්‍යාලයේ පාසල් දරුවන් වෙනුවෙන් ‘මත්ද්‍රව්‍ය නිවාරණය’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් එම පාසල් පරිශ්‍රයේදී පසුගිය සිකුරාදා (සැප්තැම්බර් මස 15) දින පැවැත්විණි.
2023-09-18 20:00:48
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විනයාරක්ෂාධිපති සහ යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.සී.ඒ. ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී, පසුගිය බදාදා (සැප්තැම්බර් මස 13) දින දියතලාව ප්‍රදේශයේ ස්ථාපිත 7 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ නිල සංචාරයක නිරත වූ අතර, එහිදී නවතමයෙන් ඉදිකරන ලද බළලත් නිලධාරී සහ සැරයන් නිවස්නය විවෘත කරනු ලැබීය.
2023-09-17 20:21:45
1 බලකාය යටතේ ස්ථාපිත 53 පාබල සේනාංකයේ 533 පාබල බලසේනාවේ භටපිරිස් විසින් අනුරාධපුර, ගන්තිරියගම, මහින්ද මහා විද්‍යාලයේ පාසල් දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා එම විද්‍යාලයීය පුස්ථකාලය වෙත පොත් ප්රදානය කිරීමේ වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (අගෝස්තු මස 15) දින එම විද්‍යාලයේදී පැවැත්විණි.
2023-09-17 20:18:11
ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් එස්.ආර්.කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී, පාබල හමුදා ඒකකයන්හි නිල සංචාරයන් ආරම්භ කරමින් පසුගිය සෙනසුරාදා (සැප්තැම්බර් මස 16) දින ගාල්ල, බූස්ස පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා මූලස්ථාන බලඇණිය වෙත නිල සංචාරයක් සිදුකරනු ලැබීය.
2023-09-17 20:13:36
අම්පාර සටන් පුහුණු පාසල මඟින් පැවැත්වූ ‘ඉගැන්වීමේ ක්‍රමවේදය පාඨමාලා අංක - 68’ 2023 ජුලි මස 21 දින ආරම්භ වී මාස දෙකකට ආසන්න කාලයක් පැවිත්වීමෙන් අනතුරුව පසුගිය සිකුරාදා (සැප්තැම්බර් මස 15) දින සාර්ථකව අවසන් විය. යුද්ධ හමුදාවේ සියලුම රෙජිමේන්තු නියෝජනය කරමින් සෙසුනිලයින් 164 දෙනෙකු මෙම පාඨමාලාව සඳහා සහභාගී වූ අතර, පාඨමාලාවේ දක්ෂතම ශිෂ්‍යයා ලෙස 15 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ සාමාන්‍ය සෙබළ කේ.ඒ.එන්.ඩී විජේසිංහ සම්මාන ලැබීය.
2023-09-16 22:21:09
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඉල්ලීමක් මත දිවයින පුරා අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ මධ්‍යස්ථාන 10 ක් සහ රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම ඇතුළු මාර්ග අපගත මධ්‍යස්ථාන 15ක් වැඩකටයුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ආරම්භ කර ඇත.
2023-09-16 22:17:00
ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර මූලස්ථානයේ 29 වන සංවත්සර දිනය පසුගිය බ්‍රහස්පතින්දා (සැප්තැම්බර් මස 14) දිනට යෙදී තිබූ අතර, ඊට සමගාමීව ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.ඩබ්ලිව්.ටී.සී මෙත්තානන්ද යූඑස්පී එන්ඩීසී ගේ උපදෙස් මත සැමරුම් වැඩසටහන් කිහිපයක් සංවිධානය කරන ලදී.
2023-09-15 18:21:57
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර මගින් සංවිධානය කරන ලද ජංගම වෛද්‍ය සායනයක් වැලිකන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේදී පසුගිය අඟහරුවාදා (සැප්තැම්බර් මස 13) දින පැවති අතර, ඒ සඳහා සිවිල් වැසියන් 500 කට අධික පිරිසක් වෙත නොමිලේ වෛද්‍ය උපදේශන සේවා, වෛද්‍ය පරීක්ෂණ, ඖෂධ ලබාදීම සිදුකරනු ලැබීය.
2023-09-15 18:10:57
බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත බන්ධනාගාර නිලධාරීන් සඳහා දින 16 ක ‘බන්ධනාගාර නියාමක සංස්කරණ’ පාඨමාලාවක් අම්පාර - සටන් පුහුණු පාසල මගින් පසුගියදා පවත්වන ලදී.