Header

Sri Lanka Army

Defender of the Nation

16th September 2023 22:17:00 Hours

ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර, 29 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර මූලස්ථානයේ 29 වන සංවත්සර දිනය පසුගිය බ්‍රහස්පතින්දා (සැප්තැම්බර් මස 14) දිනට යෙදී තිබූ අතර, ඊට සමගාමීව ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.ඩබ්ලිව්.ටී.සී මෙත්තානන්ද යූඑස්පී එන්ඩීසී ගේ උපදෙස් මත සැමරුම් වැඩසටහන් කිහිපයක් සංවිධානය කරන ලදී.

සංවත්සර දිනයට සමගාමීව පසුගිය බදාදා (සැප්තැම්බර් මස 13) දින පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ධර්මපාල බෝසත් බාලිකා නිවාස පරිශ්‍රය පිරිසිදු කිරීමේ ප්‍රජා සත්කාරක වැඩසටහනක් පැවැත්වීය. එහිදී එම බාලිකා නිවාසයේ නේවාසිකව සිටින දරුවන් 46 දෙනෙකුට දිවා භෝජන සංග්‍රහයක් හා පාසල් උපකරණ පරිත්‍යාගයක්ද සිදු කරන ලදී. එදිනම මින්නේරිය දේවාල පුදබිමේ දේවස්ථානයට පිවිසෙන වැව් බැම්ම දෙපස පිරිසිදු කිරීමද භටපිරිස් විසින් සිදු කරන ලදී.

සංවත්සර දින (සැප්තැම්බර් මස 14) දින ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර වෙත භඨපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමන ලද අතර, අනතුරුව එතුමන් භටපිරිස් ඇමතීම සිදුකරනු ලැබීය. එදිනම සෝමාවතිය පුදබිමේ බෝධි පූජාමය පිංකමක්ද පවත්වන ලදී. එම අවස්ථාව සඳහා කර්නල් ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක්ද සහභාගී වූහ.