15th September 2023 18:10:57 Hours
බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත බන්ධනාගාර නිලධාරීන් සඳහා දින 16 ක ‘බන්ධනාගාර නියාමක සංස්කරණ’ පාඨමාලාවක් අම්පාර - සටන් පුහුණු පාසල මගින් පසුගියදා පවත්වන ලදී.
දිවයින පුරා ස්ථාපිත සියලුම බන්ධනාගාර නියෝජනය කරමින් තෝරාගත් බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකු මෙම පාඨමාලාව සඳහා සහභාගී වූ අතර, එහිදී ඔවුන් වෙත පුද්ගලික විනය, නායකත්ව පුහුණුව සහ සරඹ උපදේශණය යනාදී මාතෘකා යටතේ දැනුම ලබාදුන්හ.
පාඨමාලාව අවසානයේ පැවති සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය පසුගිය බ්‍රහස්පතින්දා දින (සැප්තැම්බර් මස 14) පැවති අතර, එදින ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි අම්පාර සටන් පුහුණු පාසලෙහි සේනාවිධායක බ්‍රිගේඩියර් ඩී.ආර්.එන් හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී සමඟින් අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් හා බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය චන්දන ඒකනායක මහතාද සහභාගී වූහ.
පාඨමාලාවේ ප්‍රථම ස්ථානය බන්ධනාගාර නිලධාරි පී.ඩී පෙරේරා විසින් හිමිකරගත් අතර, උත්සව අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, බන්ධනාගාර ප්‍රධාන ජේලර් කාවින්ද ප්‍රේමවංශ මහතා ඇතුළු සෙසු නිලයින් පිරිසක්ද සහභාගි වූහ.