16th September 2023 22:21:09 Hours
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඉල්ලීමක් මත දිවයින පුරා අන්තර්ජාල තාක්‍ෂණය ඔස්සේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ මධ්‍යස්ථාන 10 ක් සහ රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම ඇතුළු මාර්ග අපගත මධ්‍යස්ථාන 15ක් වැඩකටයුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ආරම්භ කර ඇත.
වර්ෂ 2020 ජුලි මස 9 වැනි දින අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව යුද්ධ හමුදාව විසින් මෙරට රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සඳහා අදාල අයදුම්පත් නිකුත් කිරීමේ සිට රියදුරු බලපත්‍ර මුද්‍රණය ක්‍රියාවලිය සිදුකිරීම සඳහා අන්තර්ජාලය තාක්‍ෂණය ඔස්සේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ මධ්‍යස්ථාන 10 ක් ඇතුළුව මාර්ග අපගත මධ්‍යස්ථාන 15 කට අධික සංඛ්‍යාවක් අධීක්‍ෂණය කරමින් එහි මෙහෙයුම් කළමනාකරණය සහ වැඩිදියුණු කිරීමේ කටයුතු භාර ගන්නා ලදී. යුද්ධ හමුදා තොරතුරු තාක්ෂණ විසඳුම් මධ්‍යස්ථානය යටතේ වර්ෂ 2021 ජනවාරි මස 01 වන දින නිල වශයෙන් රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කටයුතු ආරම්භ කරන ලදී.
රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ ව්‍යාපෘතිය භාර ගැනීමෙන් පසු, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රම වේදය ඉහල කාර්යක්‍ෂමවයක් සහ ඵලදායීතාවයක් ලබාගෙන ඇත. අද වන විට යුද්ධ හමුදාව රියදුරු බලපත්‍ර 1,022,763ක් සහ තාවකාලික රියදුරු බලපත්‍ර 1,411,704ක් ඇතුළුව සමස්ථ රියදුරු බලපත්‍ර 2,434,467ක් සාර්ථකව මුද්‍රණය කර ඇත. එම උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස 2021 ජනවාරි මස 01 ට පෙර දරන ලද වියදම්වලට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රජයට රුපියල් 810,799,495.90 මුදලක් ඉතිරි කර දී ඇත.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තම මූලික රාජකාරි කටයුතු වලට අමතරව රියදුරු බලපත්‍ර මුද්‍රණය සහ ඒ ආශ්‍රිත සේවාවන් ඉහල නංවාලීම සඳහා විවිධ වැඩසටහන් ආරම්භ කර ඇත. ඒ අනුව, මුද්‍රිත බලපත්‍ර කඩිනමින් ලබාදීම සඳහා වේරහැර, නාරාහේන්පිට දත්ත මධ්‍යස්ථානයන්හි පාරිසරික දත්ත අධීක්‍ෂණය කිරිම සඳහා පද්ධතියක් ස්ථාපනය කිරීම, තැපැල් දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධතාවයෙන් ‘Speed Post’ පහසුකම ලබාදීමට කටයුතු කිරීම සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සම්බන්ධ කර ගනිමින් හදිසි ආපදා තත්ත්වයකදී රියදුරු බලපත්‍ර පද්ධතිය යථා තත්වයට පත්කල හැකි පරිදි දත්ත ආපදා ප්‍රතිසාධන මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා අවැසි කටයුතු සිදුකර ඇත.
මීට අමතරව යුද්ධ හමුදා මෘදුකාංග ඉංජිනේරුවන් විසින් අවම වියදමකින් අන්තර්ජාල තාක්‍ෂණය ඔස්සේ රියදුරු බලපත්‍ර මුද්‍රණය සඳහා නව මෘදුකාංග පද්ධතියක සැලැස්මක්ද සකස්කර ඇත. යුද්ධ හමුදාව මෙම කටයුතු යුද්ධ හමුදා පිළිවෙතට අනුව මනා විනිවිදභාවයකින් යුතුව සිදුකිරීම තුලින් වැඩි මූල්‍යමය වාසියක් රජයට අත්කර දී ඇති අතර, සමස්ත සේවාවේ ගුණාත්මක භාවයද වැඩි දියුණු කරමින් කෙටි පණිවුඩ හරහා තම රියදුරු බලපත්‍ර සම්බන්ද විස්තර දැනගැනීමේ අවස්ථාවද අයදුම්කරුවන්ට ලබාදී ඇත.