17th September 2023 20:21:45 Hours
1 බලකාය යටතේ ස්ථාපිත 53 පාබල සේනාංකයේ 533 පාබල බලසේනාවේ භටපිරිස් විසින් අනුරාධපුර, ගන්තිරියගම, මහින්ද මහා විද්‍යාලයේ පාසල් දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා එම විද්‍යාලයීය පුස්ථකාලය වෙත පොත් ප්‍රදානය කිරීමේ වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (අගෝස්තු මස 15) දින එම විද්‍යාලයේදී පැවැත්විණි.
53 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ජී.පී.එස්. රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී සහ 533 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඒ.එම්.එස්.ඩී.බී අධිකාරි ආර්එස්පී ගේ ඉල්ලීමකට අනුව ඔස්ට්‍රේලියාවේ ‘Sydney Central Coast’ හි වෙසෙන ලාංකික ප්‍රජාව, පාලිත අදිකාරම් මහතා හා එම මහත්මිය සහ තවත් පරිත්‍යාගශීලීන් කිහිප දෙනෙකු විසින් මෙම සමාජ සත්කාරක වැඩසටහන සඳහා අනුග්‍රාහකත්වය ලබා දෙන ලදී.
53 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ජී.පී.එස්. රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ මෙම උත්සව අවස්ථාවට 533 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඒ.එම්.එස්.ඩී.බී අධිකාරි ආර්එස්පී, ඒකක අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයින්, ඔස්ට්‍රේලියාවේ ‘Sydney Central Coast’ හි මෙරට නියෝජිතයින්, ගන්තිරියගම විදුහලේ කාර්යය මණ්ඩලය, පාලිත අදිකාරම් මහතා සහ එම මහත්මිය සහභාගී වූහ.