Header

Sri Lanka Army

Defender of the Nation

17th September 2023 20:18:11 Hours

ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපතිතුමන් පාබල හමුදා ඒකකයන්හි නිල සංචාරය

ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් එස්.ආර්.කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී, පාබල හමුදා ඒකකයන්හි නිල සංචාරයන් ආරම්භ කරමින් පසුගිය සෙනසුරාදා (සැප්තැම්බර් මස 16) දින ගාල්ල, බූස්ස පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා මූලස්ථාන බලඇණිය වෙත නිල සංචාරයක් සිදුකරනු ලැබීය.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි එතුමන්, මේජර් එස්.ඒ.ඩී.එම්.එන් ප්‍රසන්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් පසුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමනු ලැබීය. අනතුරුව නිල සංචාරය සනිටුහන් කරමින් මේජර් ජෙනරල් එස්.ආර්.කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කළේය. එහිදී, එතුමන් භටපිරිස් අමතමින් රට සහ යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකරන කැපවීමට සිය කෘතවේදීත්වය පුද කරමින් යුද්ධ හමුදාවේ විනය ඉහළම මට්ටමකින් පවත්වාගෙන යාම සහ වෘත්තීය දැනුම වැඩිදියුණු කරගැනීමේ අවශ්‍යතාවය වැඩි දුරටත් අවධාරණය කළේය.

කඳවුරු පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම එතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි සමරු සටහන් ද තැබීය. නිල සංචාරය සඳහා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ කාර්යයේ නියුතු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එල්.එච්.සී.ආර් සිරිවර්ධන ආර්එස්පී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගි වූහ.