Header

Sri Lanka Army

Defender of the Nation

18th September 2023 20:04:08 Hours

681 පාබල බලසේනාවේ භටපිරිස්හි සම්බන්ධීකරණයෙන් පාසල් දරුවන් සඳහා ‘මත්ද්‍රව්‍ය නිවාරණය’ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක්

ආරක්‍ෂක සේනා මුලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 පාබල සේනාංකයට අයත් 681 පාබල බලසේනාවේ භටපිරිස්හි සම්බන්ධීකරණයෙන් මුලතිව්, ශ්‍රී භාරතී මහා විද්‍යාලයේ පාසල් දරුවන් වෙනුවෙන් ‘මත්ද්‍රව්‍ය නිවාරණය’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් එම පාසල් පරිශ්‍රයේදී පසුගිය සිකුරාදා (සැප්තැම්බර් මස 15) දින පැවැත්විණි.

ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ උතුරු හා නැගෙනහිර පළාත් සම්බන්ධීකරණ නිලධාරී එම්.එම්.පී.බී.එම්. රෂාඩ් මහතා විසින් පවත්වනු ලැබූ මෙම දේශනය සඳහා පාසල් දරුවන් 200 ක් සහ ගුරුවරුන් 8 දෙනෙකු සහභාගී වූහ.

මෙම වැඩසටහන සඳහා 681 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එන්.ඩී.සී ගුණතුංග, 6 ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් ද සහභාගී වූහ.