Header

Sri Lanka Army

Defender of the Nation

17th September 2023 20:13:36 Hours

අම්පාර සටන් පුහුණු පාසලේ පැවති ‘ඉගැන්වීමේ ක්‍රමවේදය පාඨමාලා අංක - 68’ සාර්ථකව අවසන්

අම්පාර සටන් පුහුණු පාසල මඟින් පැවැත්වූ ‘ඉගැන්වීමේ ක්‍රමවේදය පාඨමාලා අංක - 68’ 2023 ජුලි මස 21 දින ආරම්භ වී මාස දෙකකට ආසන්න කාලයක් පැවිත්වීමෙන් අනතුරුව පසුගිය සිකුරාදා (සැප්තැම්බර් මස 15) දින සාර්ථකව අවසන් විය. යුද්ධ හමුදාවේ සියලුම රෙජිමේන්තු නියෝජනය කරමින් සෙසුනිලයින් 164 දෙනෙකු මෙම පාඨමාලාව සඳහා සහභාගී වූ අතර, පාඨමාලාවේ දක්‍ෂතම ශිෂ්‍යයා ලෙස 15 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ සාමාන්‍ය සෙබළ කේ.ඒ.එන්.ඩී විජේසිංහ සම්මාන ලැබීය.

අම්පාර සටන් පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඩී.ආර්.එන් හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී සහතිකපත් ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර, සහතිකපත් සහ සම්මාන ප්‍රදානය කිරීමෙන් අනතුරුව එතුමන් සමාප්ති දේශනය පවත්වන ලදී. උත්සව අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිල උපදේශකවරුන් ද සහභාගී වූහ.