2017-01-09 10:27:57
දියගම ක්‍රීඩාංගණයේ ඉරිදා (08) දින පැවති අන්තර් සමාජ ඩයලොග් රග්බි තරඟාවලිය - 2016 සහ 2017 හි දී ශ්‍රී ලංකා යුද හමුදා රගර් කණ්ඩායම ලකුණු 43 ට 8 ක් ලෙස CH & FC රගර් කණ්ඩායම පරාජයට පත්කරමින් ජයග්‍රහණය හිමි කර ගැනීමට සමත්විය.
2017-01-09 10:15:20
යුද හමුදා සාමාජිකයින් සහ මහජනතාව වෙනුවෙන් ඉනාමළුව දිගම්පතන ප්‍රදේශයේ පිහිටි 53 වන සේනාංක මුලස්ථානයේ ඉදිකළ සුබසාධක වෙළඳසැලක්, ආපන ශාලාවක් සහ ස්වයංක්‍රීය මුදල් හුවමාරු කිරීමේ ATM යන්ත්‍රයක් සහිත නව ගොඩනැගිල්ල බ්‍රහස්පතින්දා (05) දින විවෘත කරන ලදි.
2017-01-09 10:09:45
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 56 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් ටි.ජේ. නානයක්කාර සඳුදා (02) දින රාජකාරි භාර ගන්නා ලදි.
2017-01-07 12:13:35
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 221 බලසේනාවේ සේවයේ නියුතු 6 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භට පිරිස් සහ මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 111 බලසේනාවට අයත් 5 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා රයිෆල් බලකායේ....
2017-01-07 12:10:43
ඉංග්‍රිසී භාෂා දැනුම වර්ධනය කිරීමේ අරමුණින් ලිවීම, කථාකිරීම, කියවීම සහ ඇහුම්කන්දීම වැනි කුසලතා වැඩිදියුණු කිරීම සඳහා නවීන තාක්ෂණික ක්‍රම භාවිතා කරමින් වන්නි ආරක්ෂකසේනා මුලස්ථානය විසින් දෙසැම්බර් මස 05 වන දින සිට ජනවාරි 6 වන දා දක්වා මාසයක පමණ කාලසීමවක් එම ආරක්ෂක සේනා මුලස්ථාන ශ්‍රවණාගාරයේ දී උසස් ඉංග්‍රිසී භාෂා පාඨමාලාවක් පවත්වන ලදි.
2017-01-06 20:51:57
වන්නි ආරක්ෂක සේනා මුලස්ථාන සිවිල් සම්බන්ධීකරණ අංශය විසින් කළ තෝරා ගැනීම්වලට අනුව වෙහෙරතැන්න, බෝගස්වැව, සැළලිහිණිගම සහ නාමල්ගම ප්‍රදේශයේ අඩු ආදාම්ලාභී පවුල් 10 ක් වෙත බෞද්ධ ගිහියන් විසින් නිදහස් කරනු ලැබූ ගවයින් 17 ක් වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජේ.ආර්. කුලතුංගගේ ප්‍රධානත්වයෙන් බෙදාදෙනු ලැබීය.
2017-01-06 13:17:01
51 වන සේනාංකය යටතේ ස්ථාපිත 511 බලසේනාවේ භට පිරිස් විසින් 25 වන විජයබාහු පාබල රෙජිමේන්තු භට පිරිස් හි සම්බන්ධීකරණයෙන් සඳුදා (2) දින මනිපේ සුත්තුමාලෙයි උතුරු දමිල මිශ්‍ර විද්‍යාලයේ පාසල් ළමුන් සඳහා පාසල් උපකරණ බෙදාදීමේ උත්සවයක් සංවිධානය කරනු ලැබීය.
2017-01-05 12:11:39
කිරිවෙහෙර පූජා භූමියේ දී දෙසැම්බර් මස 31 වන දින හිටපු ජනාධිපතිණි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ ප්‍රධානත්වයෙන් පැවති 84000 ක පහන් පූජා පිංකම සඳහා මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයේ භට පිරිස් සිය සහයෝගය ලබාදෙන ලදි.
2017-01-04 18:43:53
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දුගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, ඉදිරිනඩත්තු පෙදෙස, බලසේනා සහ ඒකකයන්හි සේවයේ නියුතු නිලධාරීන් සඳහා බදාදා (04) දින පුහුණු වැඩසටහනක් පවත්වන ලදි.
2017-01-04 18:42:12
තම දැය සහ යුද හමුදාව වෙනුවෙන් වසර 30 ක සේවා කාලයක රාජකාරියේ නිරතව සිටි මියගිය විශ්‍රාමික බ්‍රිගේඩියර් කේ.ජේ.එන් සේනවීර ආර්එස්පී යූඑස්පී එල්ඩීඑම්සීගේ අවසන් කටයුතු බදාදා (4) දින බොරැල්ල පොදු සුසාන භූමියේදී විශාල යුද හමුදා සහ සිවිල් පිරිසකගේ සහභාගීත්වයෙන් යුතුව පවත්වනු ලැබීය.