07th January 2017 12:13:35 Hours
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 221 බලසේනාවේ සේවයේ නියුතු 6 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භට පිරිස් සහ මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 111 බලසේනාවට අයත් 5 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා රයිෆල් බලකායේ භට පිරිස් ක්ෂණිකව ක්‍රියාත්මක වී වෙන්වෙන් වශයෙන් බදාදා (04) දින මහදිවුල්වැව ප්‍රදේශයේ (පොලොන්නරුව) සහ බ්‍රහස්පතින්දා (05) දින මහනුවර, පේරාදෙණිය හන්තාන කඳුවැටියේ ඇති වූ ලැව් ගිනි මැඩපැවැත්වීමට කටයුතු කරන ලදි.
මහදිවුල්වැව ප්‍රදේශයේ ඇති වූ ගින්න මැඩපැවැත්වීම සඳහා රොටවැව පොලිස් ස්ථානයේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයින් මෙන්ම සිවිල් වැසියන් කිහිපදෙනෙක් ද සහයෝගය දැක්විය.
එමෙන්ම, හන්තාන කඳුවැටියේ ඇති වූ ලැව් ගින්න මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 5 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා රයිෆල් බලකායේ භට පිරිස් විසින් මැඩපවත්වන ලදි.
ඒ සඳහා 5 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිලධාරියෙකු සහ සෙසු නිලයින් 20 ක් සහ 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා රයිෆල් බලකායේ නිලධාරියෙකු සහ සෙසු නිලයින් 20 ක් ඇතුලු යුද හමුදා සාමාජිකයින් 42 ක් සහභාගි වූහ.
Sneakers Store | New Releases Nike