05th January 2017 12:11:39 Hours
කිරිවෙහෙර පූජා භූමියේ දී දෙසැම්බර් මස 31 වන දින හිටපු ජනාධිපතිණි චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ ප්රධානත්වයෙන් පැවති 84000 ක පහන් පූජා පිංකම සඳහා මධ්යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයේ භට පිරිස් සිය සහයෝගය ලබාදෙන ලදි.
එම මැතිණියගේ කාර්ය මණ්ඩල අධ්යක්ෂක ජස්ටින් නවරත්න මහතා විසින් යුද හමුදාපතිතුමාගෙන් කළ ඉල්ලීමකට ප්රතිචාරක් ලෙස මධ්යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පි.යු.එස්. විතානගේ ගේ උපදෙස් මත භට පිරිස් විසින් මේ සඳහා සහයෝගය දැක්වූහ.
ඒ අනුව 9 වන ශ්රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 3 වන ශ්රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භට පිරිස් මීට එක්ව සිටියහ.
Best Sneakers | NIKE HOMME