06th January 2017 13:17:01 Hours
51 වන සේනාංකය යටතේ ස්ථාපිත 511 බලසේනාවේ භට පිරිස් විසින් 25 වන විජයබාහු පාබල රෙජිමේන්තු භට පිරිස් හි සම්බන්ධීකරණයෙන් සඳුදා (2) දින මනිපේ සුත්තුමාලෙයි උතුරු දමිල මිශ්‍ර විද්‍යාලයේ පාසල් ළමුන් සඳහා පාසල් උපකරණ බෙදාදීමේ උත්සවයක් සංවිධානය කරනු ලැබීය.
ඒ අනුව 511 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් අජිත් දිසානායකගේ සම්බන්ධීකරණයෙන් සුතුමාලෙයි ප්‍රදේශයේ පාසල් ළමුන් 26 දෙනෙකු සඳහා පාසල් උපකරණ සහ නිළ ඇදුම් බෙදාදෙන ලදී.
මෙම සත්කාර්ය සඳහා කැනඩාවේ පදිංචි සිරිසේන ගමගේ මහතා සහ ශ්‍රීයානි ගමගේ මහත්මිය විසින් රුපියල් 398,000.00 පමණ මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කර ඇති අතර, කැනඩාවේ පදිංචි කිත්සිරි ප්‍රේමරත්න මහතා සහ යමුනා කුමුදුනී මහත්මිය විසින් රුපියල් 150,000.00 පමණ වටිනා ඉලෙක්ට්‍රික් රෝද පුටුවක් සුතුමාලෙයි උතුරු දමිල මිශ්‍ර විද්‍යාලයේ පී සදුර්නාවි ශිෂ්‍යයා හට පරිතයාග කරන ලදි.
51 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් මර්වින් පෙරේරා මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර, 512 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජගත් කොඩිතුවක්කු, 513 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සිසිර පිලපිටිය, 511 බලසේනාවේ බලසේනාධිපති කර්නල් අජිත් දිසානායක, 515 බලසේනාවේ බලසේනාධිපති කර්නල් සනත් අලුවිහාරේ, යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, පාසලේ විදුහල්පති, ගුරුවරුන්, සිසුන් සහ සෙසු නිලයින් ද මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.
මෙම වැඩසටහනේ අවසන් අංගය ලෙස යුද හමුදාව විසින් සිසුන් සහ ගුරුවරුන් වෙත දිවා ආහාරය ද පිරිනමනු ලැබීය. යාපනය, මනිපේ ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුල්වල අධ්‍යාපන කටයුතු නඟා සිටවිම සඳහා යුද හමුදාව දැක් වූ සහයෝගය පිළිබඳ ඔවුන් සිය ස්තුතිය පුද කළහ.
Sportswear free shipping | Nike SB Dunk High Hawaii , Where To Buy , CZ2232-300 , Worldarchitecturefestival