Header

Sri Lanka Army

Defender of the Nation

09th January 2017 10:09:45 Hours

56 වන සේනාංකයේ සේනාංකාධිපති සිය රාජකාරි අරඹයි

වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 56 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් ටි.ජේ. නානයක්කාර සඳුදා (02) දින රාජකාරි භාර ගන්නා ලදි.

එහිදි නව සේනාංකාධිපති වෙත එම සේනාංක මුලස්ථාන පරිශ්‍රයේ දී ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් පිරිනමන ලදි.

අනතුරුව, නව සේනාංකාධිපති විසින් කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් රෝපනය කළ අතර, මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් ද එක්ව සිටියහ.

Nike shoes | Nike - Shoes & Sportswear Clothing