Header

Sri Lanka Army

Defender of the Nation

06th January 2017 20:51:57 Hours

වන්නි භට පිරිස්හි සම්බන්ධිකරණයෙන් අඩුආදායම්ලාභී පවුල් සඳහා ගවයින් බෙදාදෙයි

වන්නි ආරක්ෂක සේනා මුලස්ථාන සිවිල් සම්බන්ධීකරණ අංශය විසින් කළ තෝරා ගැනීම්වලට අනුව වෙහෙරතැන්න, බෝගස්වැව, සැළලිහිණිගම සහ නාමල්ගම ප්‍රදේශයේ අඩු ආදාම්ලාභී පවුල් 10 ක් වෙත බෞද්ධ ගිහියන් විසින් නිදහස් කරනු ලැබූ ගවයින් 17 ක් වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජේ.ආර්. කුලතුංගගේ ප්‍රධානත්වයෙන් බෙදාදෙනු ලැබීය.

නුගේගොඩ ශ්‍රී ධම්මාරාම විහාරස්ථානයේ විහාරාධිපති පුජ්‍ය බෝගම්බර රත්නජෝති ස්වාමින් වහන්සේ ඇතුළු ගිහියන්ගේ මූල්‍යමය දායකත්වයෙන් බදාදා (4) දින නන්දිමිත්‍රගම පොදු පහසුකම් මධ්‍යස්ථානයේ දී එම ගවන් 17 දෙනා නිදහස් කර ගනු ලැබීය.

වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජේ.ආර්. කුලතුංගගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මුලස්ථාන සිවිල් සම්බන්ධිකරණ අංශය විසින් එම ප්‍රදේශ භාරව සිටින ග්‍රාම නිලධාරීන්ගේ මූලිකත්වයෙන් ගවයන් ලැබීමට සුදුසු පවුල් තෝරා ගවයන් බෙදාදෙනු ලැබීය.

එම ගවයින් හොඳින් රැක බලාගෙන ප්‍රතිලාභ ලබාගන්නා මෙන් රතනජෝති හිමියන් විසින් ගවයන් ලබාදුන් සිවිල් වැසියන් වෙත එම අවස්ථාවේ දී වැඩිදුරටත් පවසනු ලැබීය.

56 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ටි.ජේ. නානයක්කාර, 563 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩි.පි.යු.ගුණසේකර, සිවිල් සබඳතා ප්‍රධාන සම්බන්ධිකරණ නිලධාරී ලුතිතන් කර්නල් එස්.ඒ.එල්.අයි. පෙරේරා, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.

best Running shoes brand | Nike for Men