Header

Sri Lanka Army

Defender of the Nation

04th January 2017 18:42:12 Hours

මියගිය විශ්‍රාමික බ්‍රිගේඩියර් කේ.ජේ.එන් සේනවීර හට යුද හමුදා ගෞරව

තම දැය සහ යුද හමුදාව වෙනුවෙන් වසර 30 ක සේවා කාලයක රාජකාරියේ නිරතව සිටි මියගිය විශ්‍රාමික බ්‍රිගේඩියර් කේ.ජේ.එන් සේනවීර ආර්එස්පී යූඑස්පී එල්ඩීඑම්සීගේ අවසන් කටයුතු බදාදා (4) දින බොරැල්ල පොදු සුසාන භූමියේදී විශාල යුද හමුදා සහ සිවිල් පිරිසකගේ සහභාගීත්වයෙන් යුතුව පවත්වනු ලැබීය.

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා බොරැල්ල පොදු සුසාන භූමියේදී මියගිය විශ්‍රාමික බ්‍රිගේඩියර් සේනවීරගේ මෘතදේහයට අවසන් ගෞරව දැක්වූ අතර, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිළධාරීන් ප්‍රධාන මාණ්ඩලික නිළධාරීන්, ජ්‍යෙෂ්ඨ නිළධාරීන් සහ අධ්‍යක්‍ෂවරුන් ඇතුළු ශෝකවන්නන් ද එහිදී තම අවසන් ගෞරවය පුදකරන ලදි.

භටපිරිස් විසින් යුද හමුදා චාරිත්‍රානුකූලව මෘතදේහය කාතුගැල මත තබා ජාතික ධජයෙන් ආවරණය කිරීමට ප්‍රථම තම ආචාරය පුදකරන ලදි. අවමංගල්‍ය පෙරහැර සුසානභූමියේ ප්‍රධාන දොරටුව අසලට පැමිණි අවස්ථාවේදී සහභාගීවූ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් විසින් දේහය භාරගත් අතර, පවුලේ සාමාජිකයන් ඇතුළු සියලුදෙනා සමගින් එය ආදාහනාගාරය වෙත රැගෙන යන ලදි.

යුද හමුදාපතිවරයා විසින් නිකුත් කරන ලද විශේෂ පළමුවන කොටසේ නියෝගය කියවන අවස්ථාවේ ශෝකවන්නන් හට ඉතා ශෝකානුකූල අවස්ථාවක් විය. භටපිරිස් විසින් යුද හමුදා චාරිත්‍රානුකූලව අවි ආචාරය පුදකරමින් යුද හමුදා නිළධාරියෙකු මියගිය අවස්ථාවේදී ලබාදෙන උසස්ම ගෞරවය හිමිකර දෙන ලදි.

මළවුන් සිහිකිරීම සඳහා සිදුකරනු ලබන බියුගල් වාදනයෙන් අනතුරුව මෙම විශිෂ්ට සොල්දාදුවා ඔහුගේ අවසන් ගමන සනිටුහන් කල අතර, මෘතදේහය ආදාහනාගාරය වෙත රැගෙන යන ලදි.

ඉන් අනතුරුව, යුද හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වා විසින් මියගිය විශ්‍රාමික බ්‍රිගේඩියර් සේනවීර ඔහුගේ නිකැලැල් සේවා කාලය තුල හිමිකරගන්නා ප්‍රසාදන හා පදක්කම් ඔහුගේ පවුලේ ඥාතීන් හට හමුදා චාරිත්‍රානුකූලව පිළිගන්වන ලදි.

මියගිය විශ්‍රාමික බ්‍රිගේඩියර් සේනවීරගේ අවමංගල්‍ය උත්සවය විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ඒ.එස් ද ඉසෙඩ් වික්‍රමරත්නගේ සෘජු අධීක්‍ෂණයෙන් හා ශ්‍රී ලංකා සංඥා බළකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් කේ.ආර්.පී රොවෙල්ගේ සම්බන්ධීකරණයෙන් සිදුකරන ලදි.

අවමංගල්‍ය උත්සවයේදී කියවන ලද පළමුවන කොටසේ නියෝගය පහතින් දක්වා ඇත;

Asics shoes | 『アディダス』に分類された記事一覧