Header

Sri Lanka Army

Defender of the Nation

04th January 2017 18:43:53 Hours

මුලතිව් සහ මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථාන බදාදා පුහුණු වැඩසටහන් පවත්වයි

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දුගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, ඉදිරිනඩත්තු පෙදෙස, බලසේනා සහ ඒකකයන්හි සේවයේ නියුතු නිලධාරීන් සඳහා බදාදා (04) දින පුහුණු වැඩසටහනක් පවත්වන ලදි.

එහිදි විජයබාහු පාබල රෙජිමේන්තුවේ කපිතාන් සී.එම්.ජී.එස්. චන්ද්‍රසේකර විසින් ‘Human Rights & International Humanitarian Law (HR & IHL)’ යන මාතෘකාව යටතේ දේශනයක් ද, 19 වන ගැමුණු හේවා බලකායේ ලුතිතන් ඩබ්.එම්.ඒ.සී. වීරකොන් විසින් ‘Operation Entebbe’ යන මාතෘකාව යටතේ දේශනයක් ද පවත්වනු ලැබීය.

එමෙන්ම, 7 වන ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකායේ මාණ්ඩලික සැරයන් කේ.පි.එස්. චන්ද්‍රසිරි විසින් සෙසු නිලයින් සඳහා ‘වාර්ෂික සමීක්ෂණ මණ්ඩල හඳුන්වාදීම’ පිළිබඳ දේශනයක් ද පවත්වන ලදි.

ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙම වැඩසටහන සඳහා එක්ව සිටියහ.

මීට අමතරව, මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයත් බදාදා (04) දින එම මුලස්ථාන ශ්‍රවණාගාරයේ දී පුහුණු දින වැඩසටහනක් පවත්වන ලදි.

එහිදි භට කාර්ය සම්පාදන නිලධාරි III කපිතාන් එච්.ඩි.එන්. වීරතුංග විසින් නිලධාරීන් 08 දෙනෙකු සඳහා ‘මහනුවර දළදා පෙරහැර’ යන මාතෘකාව ඔස්සේ දේශනයක් පැවැත්විය.

තවද, දියතලාව, යුද හමුදා මුලික රෝහලේ සෞඛ්‍ය පරික්ෂක ලෙස රාජකාරි කරන බලලත් නිලධාරී I, ඩි.එම්.ඒ.ආර්. ජයවර්ධන විසින් ආහාර සුරක්ෂිතභාවය පිළිබඳ දේශනයක් ද පවත්වන ලදි.

මෙම දේශන සඳහා නිලධාරීන් 08 ක් සහ සෙසු නිලයින් 70 ක් ඇතුලු යුද හමුදා සාමාජිකයින් 78 දෙනෙක් සහභාගි වූහ.

Asics footwear | Saucony Lanzar JAV 2 - Unisex , Worldarchitecturefestival